වස්ති කිව්වම අපේ රටේ සමාජ ජාලා භාවිතා කරන ලොකු පොඩි ඕනම කෙනෙක් දන්නවා. ඉතින් වස්තිලාගේ යූ ටියුබ් නාලිකාව මේ වන විට ඉතාම විශාල රසික ආදරයත් එක්ක අංක එකේ සමාජ මාධ්‍ය අතර තියෙනවා. ඉතින් වස්ති කිව්වම අනුෂ්ක උදානව කාටද අමතක කරන්න පුලුවන්.ගායකයෙක් විදියටත් හදුන්වන්න පූලුවන් ඔවුන් මේ වන විට සමාජ මාධ්‍ය හරහා ගොඩක් ජනප්‍රිය චරිතයන්. ඉතින් වැඩිම ගාණක් අය කරන වස්තිලා ප්‍රාසාංගික වේදිකාවව මේ වන විට නැතුවම බැරි අය.
ඉතින් අනුෂ්ක උදාන කිව්වම කෝටි ගානක ගේ තමයි හැමෝටම මතක් වෙන්නේ. ඒ ඔහු පසු ගිය දා මහරගමින් කෝටි ගානක් වටිනා ගෙයක් අරන් තිබුණා. ඉතින් ඔහුට උවමනා වෙලා තිබුණේ අපාර්ට්මන්ට් එකක් ගන්න නිදහසේ ජීවත් වෙන්න. සමහරක් දවස් වලට අනුෂ්ක ප්‍රසංග වලට ගිහින් ඇවිත් නිදාගෙන ඉන්නකොට ප්‍රේක්ෂකයෝ ඔහුත් එක්ක ෆොටෝ ගන්න එක විටෙක අනුෂ්කට කරදරයක්. ඉතින් නිදහසේ ඉන්න කැමති අනුෂ්ක මේ වන විට සුරිපි වාහනයක්, සුපිරි ගෙයක් හිමි කෙනෙක්.
” මම ගේ ගත්ත එක ගැන අම්මට ගොඩක් සතුටුයි. මොකද අම්මා දන්නවා අපි විදපු දුක. වස්තිලා වැඩි පුරම අය කරනවා කියලා අවුල් වගේනම් සංගීත ප්‍රසංග වලට ආරාධනා නොකර ඉන්න ඕන. අපි මේ අපිටම කියලා දෙයක් කරගන්නෙ කුඩු විකුණලා නෙමෙයිනේ. අපේ මහන්සියෙන් ප්‍රේක්ෂකයව සතුටු කරවලා. මම එදා හිටපු අනුෂ්කම තමයි තවමත්. මේ ගේ ගන්න ගියෙත් ශෝටක් ඇදගෙන බාටා දෙක දාලා. මම අවුරුදු පහක හීනයක් දැකලා අවුරුදු 3 න් 4න් වගේ කොහොමහරි හැබෑ කරගත්තා.”