දර්ශන්ගේ දර්ශන වාරය අදින් නිමවෙයි



පසුගිය 02 වැනිදා හදිසියේ ඇති වුණු හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ගේ දේහයේ අවසන් කටයුතු අද (05) රක්වානේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා 03 වැනිදා රාත්‍රියේ සිට ඊයේ (02) සන්ධ්‍යා භාගය වෙනතුරු කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ඊයේ පස්වරු තුනට පමණ පෞද්ගලික මල් ශාලාවේ තැන්පත් කර තැබෙන දේහය ඉන් අනතුරුව ඔහුගේ උපන් ගම වන රත්නපුර රක්වාන, කොට්ටව වෙත රැගෙන ගියා. මේ මොහොතේ කලාකරුවන් රාශියක් ඔහුගේ දේහය රැගෙන යන අවස්ථාවට සහභාගි වුනා වගේම සංවේදීව හඩමින් ශෝකය ප්‍රකාශ කළා. 


සහෘද සිත් ඉමේ 

ඉසියුම්ම රිදුමක් තබා, 

රත්තරං පපු කද යන්නම යන්න ගිහින්... 

දයාබර දර්ෂන්, 

නැවත හමුවෙමු.






Previous Post Next Post