දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං යනු ක්ෂේත්‍රයේ වඩාත්ම ආදරය කරන යුවළක්. රන්වීර්ට සහ දීපිකා අතර හැමදේම හරියටම නැහැ" යනුවෙන් පවසමින් නාදුනන්නෙක් විසින් පල කළ ට්විටර් පණිවිඩයක් නිසා රසිකයින් දැඩි කම්පනයකට පත් වූ අතර එය සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළා.ඉන්දීය නළු නිළියන්ට සමීප මූලාශ්‍රයක් පසුව හෙළි කළේ, “වෛරස් ට්විට් එක ව්‍යාජ එකක් වන අතර එය ව්‍යාජ ගිණුමකින් සිදු කර ඇති” බවයි. මෙම යුවළ පිළිබඳව වැරදි තොරතුරු පතුරුවා හැරිමට හේතුව සොයා ගැනීමට පරිශීලකයාට එරෙහිව පියවර ගැනීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙම කටකතා සියල්ල අවසන් වූයේ නළු රන්වීර් සිං පසුගියදා පැවති උත්සවයකදී ඔහුගේ බිරිඳ සහ නිළි දීපිකා පදුකෝන් සමඟ ඇති සබඳතාව ගැන ඉතා අලංකාර ලෙස ඇමතීමෙන් පසුවයි. රන්වීර් පැවසුවේ,
“අපි මුණගැසී පෙම් සබඳතාවක් ආරම්භ කළේ 2012දී. ඉතින් 2022 මටයි දීපිකාටයි අවුරුදු දහයයි. මට ඇය කෙරෙහි ඇති උපරිම ගෙදරවය හැර අන් කිසිවක් නැත. මම ඇයව බොහෝ සේ අගය කරමි. මගේ පෞද්ගලික ජීවිතයේදීත් මම ඇයගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා."
2018 දී විවාහ වූ මෙම යුවළ 2012 දී පෙම් සබඳතාවක් ආරම්භ කර ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රිය චිත්‍රපටයක් වන සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ රාම් ලීලා රූගත කිරීම් අතරතුරේදීය.