ඇයට හැමෝම කතා කරන්නේ වින්ඩි කියලා. වින්ඩි කියන්නේ හිරු රූපවාහිනීයේ විකාශය වෙන දිවිතුරා නාට්‍යයේ ප්‍රධාන චරිත කිහිපයෙන් එකක්. ඇය නමින් නිලුෂී පවන්යා. ඇය ගැන දැන් විවිධ කතාත් පැතිරෙනවා. ඒ නිසා නිලුෂී එක්ක කතා කරන්න කල්පනා කළා.
නිලුෂී ට දැන් හැමෝම කතා කරන්නේ වින්ඩි කියලා නේද ..?
කොහේ ගියත් මම දැන් වින්ඩි, ඒ චරිතයට නම් එක එක විදිහට ප්‍රතිචාර ලැබෙනවා. ළඟදි දවසක වෙඩින් එකකට ගියාම පොඩි බබෙක් දුවගෙන ඇවිත් වින්ඩි කියලා කතා කළා, ෆිල්ම් එකකට ගිය වේලාවෙත් දරුවෙක්ගේ අම්මා කෙනෙක් ළඟට ඇවිත් කිව්වා අපේ දුව දැක්කා නම් පුදුම වෙයි පොඩ්ඩක් ඉන්න එක්කගෙන එන්නම් කියලා ගියා. ඒ දුව දැක්ක ගමන් ආ කියලා පුදුම වෙලා ගොඩක් වෙලා හිටියා. අම්මා තාත්තා මම ගැන දන්නෙත් නැහැ. සමහර වෙලාවට එයාලගෙ දරුවෝ මම ගැන දන්නවා. ඒ තරම් පොඩි අයගෙන් තමයි ප්‍රතිචාර තියෙන්නේ වැඩිපුර ම.
කරන නපුරු වැඩවලට බැණුම් අහනවත් ඇති ..?
බැණුම් අහන එකෙන් අඩුවකුත් නැහැ. ඇයි ඊෂාට එහෙම කරන්නේ කියලා අහනවා. බැණලා හරියට කමෙන්ට් කරනවා. ඒවා බලලා මට නම් හිනා යනවා. සමහර අය සජීවීව දැක්කම කියනවා ආ වින්ඩි වගේ නෙමෙයිනේ ඔයා හොඳයිනේ කියලත්.
ඔය කතාව නිසා ඔයාට වඩා ගොඩක් වැඩිමහල් අය ආදරේ ප්‍රකාශ කරනවත් ඇති නේද ..?
ගොඩක් වයස අය නම් එහෙම ආදරේ ප්‍රකාශ කරලා නැහැ. මට වඩා අවුරුදු අටක් නමයක් වයස අය නම් ආදරේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මට වඩා ගොඩක් බාල අයත් මගේ වයස දන්නේ නැතුව ආදරේ ප්‍රකාශ කරලා තියෙනවා .
වයසක කෙනෙක්ට ඔය තරම් ආදරේ කරන්නේ ඇයි..?
අගස්ති කියන්නේ වින්ඩිට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක්. . මගේ යාළුවෝ මට බණිනවා එයාගේ අතින් අල්ලන්නවත් එපා කියලා . මම කරන්නේ ඉතිං චරිතයක්නේ. සමහර අය අහනවා ඇයි වයසක කෙනෙකුට ආදරේ කරන්නේ කියලත්.
නිලුෂී දැන් පෙම්වතියක්ද..?
මම අවුරුදු තුනක් කෙනෙකුට ආදරේ කළා. 2019 අවුරුද්දේ ඉඳලා. නොගැළපීම් මත වෙන් වුණා. ආදරේ තිබ්බට මදි එකිනෙකාට ගරු කරන්න ඕන. විශ්වාස කරන්න ඕන. ඒ දේ නැති තැන පොඩි දේටත් රණ්ඩු වෙනවා. ඒ ආදරේ නතර කළේ ප්‍රශ්න නිසයි. මම විශ්වාසය රකිමින් ජීවත් වෙනවා නම් මටත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕන. ඒ ආදරේ මාව සෑහෙන්න වේදනාවට පත් කළා. වෙහෙසට පත් කළා. කොහොම නමුත් ජීවිතේ ඉදිරියට වෙනසක් වෙයි.
ඒ කියන්නේ විවාහයත් ළඟයි..?
නැහැ නැහැ එහෙම දෙයක් නැහැ . බලමුකෝ.
වින්ඩි ජීවත් වෙන්නේ අගස්ති එක්ක ලිවින් ටූගෙදර් ..ඒ සංකල්පයට ඔබ කැමති ද..?
ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි ආදරේ කරද්දී හිතන පතන ජීවත් වෙන විදිහ වෙනස්. එකට ඉන්නකොට සිතුම් පැතුම් වෙනස්. එකිනෙකාගේ වැරදි හොඳ වැඩිපුර දකින්නේ එකට ඉද්දී. ලිවින් ටුගෙදර් ඉඳලා නොගැළපීම් තිබ්බොත් අයින් වෙන්න පුළුවන්. මොකුත් නොදැන විවාහ වෙලා දික්කසාද වෙනවට වඩා ඒක හොඳයි. නමුත් අපේ සංස්කෘතියට පටහැනියි.
ඔබ ලිවින්ව ටුගෙදර් ජීවීතේ අත් විඳලා තියෙනවා ද..?
නැහැ. අම්මා මාව මරයි. මගේ පවුලේ ඉන්නේ අම්මයි මායි තාත්තායි, අයියලා දෙන්නයි අක්කයි. මම බාලයා. එයාලගේ ආදරේ එක්ක මම ජීවත් වෙන්නේ.
දැන් යහමින් මුදල් ඇති නේද ..?
ගොඩක් අය හිතනවා නාට්‍යවල වගේ අපිත් හොඳට ජීවත් වෙනවා කියලා. සමහරු හිතනවා මම ජීවත් වෙන්නේ එපාට්මන්ට් එකක කියලා. මම කැම්පස් යන කාලේ මහරගම හිටපු ගෙදරමයි තවම නතර වෙලා ඉන්නේ. මගේ ගම හලාවත . කොළඹට එන්නේ කැම්පස් යන්න. ඉතිං මම අදටත් යන්නේ ත්රිවිල්වල. වාහන නැහැ. ගෙවල් නැහැ. සාමාන්‍ය විදිහට ලස්සනට ජීවත් වෙනවා. ගොඩක් අය මට කතා හදලත් තිබ්බා. නමුත් ඇත්ත ඒක නෙමෙයි කියලා කියන්න ඕන.
අලුත් නිර්මාණ ගැනත් කියමු..?
කරපු නාට්‍ය හතරක් එන්න තියෙනවා. චිත්‍රපටවලට නම් ආරාධනා ලැබෙන්නේ නැහැ. සුනිල් සර් කතා කරපු එකකට යන්න බැරි වුණා. දැනට එච්චරයි. විකාශය වෙන්නේ දිවිතුරා නාට්‍ය තමයි.