දිනිතිගෙයි සංගීත්ගෙයි පෙම් පළහිලව්ව ඇත්තක්?



ජනප්‍රිය නිළි දිනිති වල්ගමගේ ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සමඟ පෙමින් බැඳිලා කියලා ආරංචියක් පසුගිය කාලයේ සමාජ මාධ්‍යවල වගේම කලා ලෝකයේ සැරිසැරුවා.  මේ ගැන අදහස් දක්වමින් දිනිති පුවත්පතකට කියා සිටියේ ඇය සහ සංගීත් හොඳ යාළුවන් පමනක් බවයි. ඔවුන් දෙදෙනාගේ එවැනි සබඳතාවක් නොමැති දිනිති කියා සිටියා. නමුත් සමාජ මාධ්‍යවල දිගින් දිගටම පල කරන ඡායාරූප සහ වීඩියෝපට සමඟ බලද්දි දිනිති වල්ගමගේ සංගීත් සතරසිංහගේ පවුල සමඟ සමීප සබඳතාවක් පවත්වන බව පෙනුණා. 


විශේෂයෙන් සංගීගේ මව සහ පියාට දිනිති "අම්මා" "තාත්තා" යැයි ආමන්ත්‍රනය කිරීම ගැන ඒවා නරබන ප්‍රේක්ෂකයන් පවා ප්‍රශ්න කරලා තිබුණා.  කෙසේ නමුත් දිනිති පසුගියදා සංගීත්ගේ පවුලේ උදවිය එක්ක ගත් ඡායාරූපයක් ඇගේ ඉස්ටර්ගග්‍රෑම් ගිණුමේ පල කරලා තිබුනේ "Family" ලෙස සඳහන් කරලා අවසානයේ හදවතක රූපයක්ද සමඟයි. අනුන්ගේ පවුලක් තමන්ගේ පවුලක් ලෙස දිනිති නම් කළේ ඇය එම පවුලට ළඟදීම සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න නිසා වෙන්න ඕනේ.






Previous Post Next Post