සීයා සහ අච්චිගේ පින්තුරයක් සහ මගේ බිරිඳ අසේකාගෙත් මගෙත් ඊට සමාන පින්තුරයක්



ගෙවුණු සතිය මංගල කාරණාවලට සෑහෙන්න සුබ සතියක් බවට පත්ව තිබුණා. ඒ අනුව අසේකා ජනික් යුවළගේ විවාහ උත්සවයට වැඩි තැනක් ලැබී තිබුණා. කලා තරු පිරිවරාගත් මේ විවාහ උත්සවයට කවුරුත් අවධානය යොමුකරන්න හේතු කිහිපයක්ම තිබුණා. අසේකා කියන නර්තනයෙන් ලොවක් වසඟ කළ පවුලක දියණිය වීමත්, ජනික් හෙළ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ මුණුපුරෙක් වීමත් ඊට ප්‍රධානතම හේතුව බවට පත්වෙලා තිබුණා.

ඔන්න ඉතින් ජනික් විසින් ඉතාමත් අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එකතු කර තිබෙනු අපිට දකින්න ලැබුණා. ඒ ඔවුන් දෙදෙනාගේත්, ගාමිණී ෆොන්සේකාගේත් අපූරු ඡායාරූපයක්. ඊට සටහනක් ද ඔහු විසින් එකතු කරගෙන තිබෙනු දැකිය හැකි වුණා. පහතින් දැක්වෙන්නේ ඔහු එලෙස තැබූ සටහන සහ ඡායාරූපයයි.





Previous Post Next Post