මම හොද රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම ඇදුම් නිර්මාණ ශිල්පිනියක් - ශ්‍රීමාලී ෆොන්සේකා




නිරූපණ ශිල්පිනියක්, රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස වගේම රංගන ශිල්පිනියක ලෙසත් අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ කලාකාරිනියක් තමයි ශ්‍රීමාලී ෆොන්සේකා කියල කියන්නේ.ඇත්තෙන්ම මේ සුන්දර කලාකාරිනිය ගැන මේවෙනකොට මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්. ඒ තරමට ඇය මෙරට ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්නවා. කොහොම වෙතත් ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ හිමිකර ගැනීමට තරම් වාසනාවන්ත වෙන මේ ජනප්‍රිය කලාකාරිනිය සිය රංගන දායකත්වය ලබාදුන් පළමු ටෙලි නිර්මාණය බවට පත්වෙන්නේ ‘ඉස්සරහට යන්න’ ටෙලි නිර්මාණයයි.ඉන් අනතුරුව මොණර කඩදාසි, රාවනා, තණමල්විල කොල්ලෙක් ඇතුළු ටෙලි නිර්මාණ ගණනාවක් ඔස්සේ ඇය ප්‍රේක්ෂකයන් හමුවට එනවා.


එලෙස කලා නිර්මාණ රැසක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන මේ සුන්දර රංගන ශිල්පිනිය මේ දිනවල අපට පුංචි තිරය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. ඒ හිරු නාලිකාවේ විකාශය කෙරෙන ‘ දිවිතුරා ‘ ටෙලි නිර්මාණයේ වින්ඩිගේ යාලුවා විදියට. ඇත්තෙන්ම විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය ‘සකර්ම’ ටෙලි නිර්මාණයෙත් දක්ෂ රංගනයක නිරතවෙනවා. කෙසේවෙතත් ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට සතුටුවෙන්න පුලුවන් ආකාරයේ තීරණ තමයි ඇය නිරන්තරයෙන් අරගෙන තිබෙන්නේ.ඇත්තෙන්ම ඇයව අපට හැමෝම එක්ක සහයෝගයෙන් ජිවත් වන සතුටින් ඉන්න හරිම සරල චරිතයක් හැටියට හදුන්වන්න පුළුවන්.කොහොමවෙතත් ජීවිතය කියන්නේ ලැබුණු වටින තෑග්ගක් කියල හිතන ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව තොරතුරු බෙදාගෙන තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් එහිදී ඇය කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.


” මම හොද රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම ඇදුම් නිර්මාණ ශිල්පිනියක්. ඉතින් ඒ වගේම මට හොදට උයන්න පුලුවන්. මට හොද මවක් වෙන්න පූලුවන් වුනේ නැත්තේ රංගනය නිසා කාර්‍යබහුල වුන නිසා. නමුත් මට හොද මවක් වෙන්න පූලුවන් වුණා. ඒ නිසා ගෘහණියකට වඩා මට හොද මවක් වෙන්න පුලුවන් වුනා.”


මේ විදිහට තමයි මේ ජනප්‍රිය කලාකාරිනිය පහුගිය දවසක පුවත්පතකට අදහස් දක්වමින් කියල තිබුණේ. ඉතින් මේවෙනකොට කලා ක්ශේෂ්ත්‍රය තුළ සුවිශේෂ වු ගමනක් යන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.





Previous Post Next Post