සියල්ල පවතින එකම දෙය සහ සියල්ල නැති වී යන එකම දෙය නිසා - නිරෝෂා විරාජිනි



ගයන්නට හැමෝටම බැහැ. ගයන්නට හැකි හැමෝටම සවන් දෙන්නන්ගේ සිත් පිනවන්නටත් බැහැ. සංගීතය කලාවක්ම සේ ගෙන මිනිස් සිත් සතන් සුව කරන විශාරද නිරෝෂා විරාජිනි ගයන්නටද සවන් පිනවන්නටද හැකි කෝකිලාවියකි. වර්තමාන ගායන ක්ෂේත්‍රෙයේ ඉහළින්ම ඉන ගායන ශිල්පිනියන් අතරින් කෙනෙක් වන නිරෝෂා විරාජිනී තම දක්ෂතාවය වන්ම ජනප්‍රියත්වයත් එක ලෙස පවත්වාගෙන යන ගායන ශිල්පිනියක්.

ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි වැඩසටහන වන "හිරු ස්ටාර්" හි විනිශ්ච මණ්ඩල සාමාජිකාවක් ලෙසද ඇය කටයුතු කරයි.නිරෝෂා විරාජිනී පසුගිය දවසක ඇගේ ෆේස් බුක් ගිණුමේ අපූරු සටහනක් පළ කරලා තිබුනා. ඒ සටහන පහත දැක්වෙනවා. 


"වරක් කෙනෙක් මගෙන් මෙසේ ඇසුවා. 

ඔබ සංගීතයට මෙතරම් ආදරය කරන්නේ ඇයි?

" මම පිළිතුරු දුන්නා " 

"සියල්ල පවතින එකම දෙය සහ සියල්ල නැති වී යන එකම දෙය නිසා"






Previous Post Next Post