මේ දිනවල මෙරට කොයි කාගෙත් ආදරය හිමිකර ගනිමින් පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන සුන්දර රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියල කියන්නේ.ඇත්තෙන්ම ලස්සනට අඳින පළඳින ආකර්ෂණීය රංගන ශිල්පිනියක් වන ඇය එක් අවස්ථාවක සිනමාව ඔස්සේත් තවත් අවස්ථාවකදී ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුලිනුත් ප්‍රේක්ෂකයන් හමුවට ආවා. කොහොම වෙතත් කලා ක්ෂේත්රය තුළ මේවෙද්දී රංගන ශිල්පිනියක් ලෙස ස්ථාවරත්වයක් සහ අනන්‍යතාවයක් ගොඩනගාගෙන ඉන්න ඇය මේ ගමන ඇවිල්ල තිබෙන්නේ බොහොමයක් දුෂ්කරතා පහු කරගෙනයි. ඉතින් මේ රංගන ශිල්පිනිය පහුගිය දවසක යූටියුබ් සාකච්ඡාවක් සමගින් එක්ව සිය ජිවිතයේ බොහෝදෙනෙකු නොදන්නා අඳුරු පැතිකඩක් ගැන කියල තිබුණේ මෙලෙසයි.
කෙසේ නමුත් චතූ කියල කියන්නේ රංගනයට එන්න කිසිසේත් හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මොකද ඇයට මහා ලොකුවට සල්ලි තිබිලා නැහැ.ඇය සාමාන්‍ය පවුලක කෙනෙක්. චතූ 4 වසරේ ඉද්දි තමයි ඇගේ අම්මා විදෙස් ගත වෙන්නේ. ඒ පවුලේ ආර්ථික තත්වය නිසා. එලෙස අම්මා විදෙස් ගත වුණාට පස්සෙ ඇගේ පවුල ටිකෙන් ටික බිඳ වැටෙන පටන් අරගෙන තිබෙනවා. ඒ අතීතේ ගැන චතු කියන්නේ මෙන්න මේ විදිහේ කතාවක්.
“ඕනිම කෙනෙක්ට පොඩි කාලේ වගේම දැන් වුණත් ආදරය රැකවරණය ඕනේ. මට ඉතින් ඒ ආදරේ කරුණාව රැකවරණය කියන දේවල් ගොඩක් අඩුවෙන් තමයි ලැබුණේ. ඉතින් ඒවත් එක්ක රංගන ශිල්පිනියක් වෙන්න කොහෙත්ම හිතේ තිබුණෙ නැහැ. අම්මා දෙවැනි වතාවට විදෙස් ගත වුණාට පස්සෙ මම හිතුවා දැන් ඉගෙන ගත්තා ඇති ජොබ් එකක් කරන්න ඕනේ කියලා අම්මයි තාත්තයි එක ගෙදරක ජීවත් වෙලා තියෙන කාලයක් මට මතක නැහැ. අපි හතර දෙනා එකට බත් එකක් කාපු කාලයක් මතක නැහැ. “
ඒ විදිහට අදහස් දක්වන චතූ ඇගේ ආදරණීය මව තුන්වෙනි වතාවෙත් රට යන ලෑස්ති වෙද්දී එපා කියනවා. නමුත් ආර්ථික ප්‍රශ්නත් එක්ක තමයි ඇගේ මවට මේ තීරණය ගන්න වෙන්නේ.
ඉතින් අම්මා රට ගියාට පස්සෙ ඇයගේ ජීවිතය සෑහෙන්න කඩාගෙන වැටෙනවා. ඒ නිසාවෙන්ම ඇය වසර දෙක හමාරක් විතර යනකන් තනියම ජීවත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඇය කලා ලෝකයට අවතීර්ණ වෙලා හැමෝමත් එක්ක නැවත වතාවක් සම්බන්ධතා පටන් ගත්තේ. තවද මව විදෙස් ගතවුනාට පස්සේ ඇයව වසර දොළහකින් දැකල නැහැ කියලත් ඇය සදහන් කරනවා. ඒ වගේම සම්බන්ධතා නැතුව ඇය තනිකඩව ජීවත් වන කාලයේ ජීවිතය ඉදිරියට යන්න උත්සාහ දරලා තිබෙනවා. හැබැයි ඒ හැම වෙලාවේදීම ගෙදරට ලැජ්ජාවක් වෙන දෙයක් කරන්න ඇය හිතකින්වත් හිතලා නැහැ. ඉතින් ඒ ගැන ඇය කියන්නේ මෙහෙම කතාවක්.
“කිසිම වෙලාවක මම කැමැති වුණේ නෑ එයාලා මං නිසා ලැජ්ජ වෙනවට. ඒක හිතේ තියාගෙන තමයි මම හැම වැඩක්ම කලේ. සමහර දවස් වලට කන්න බොන්න නැහැ.
මට මුලින්ම හමුවුණේ දාසය දාහක්. හැමදේටම වියදම් උනහම අතේ සල්ලි ඉතුරු වුණේ නැහැ. සමහර දවස් වලට මම මම මේ දේවල් කවදාවත් කියලා නැහැ නිවාඩු දවසට උදේ නැගිටින්න නැහැ. ඒ කියන්නේ රෑ එළිවෙනකන් නැගිටලා ඉඳලා දවල් දෙක විතර වෙනකන් නිදාගන්නව. මොකද නැගිට්ටොත් කන්න නෑ මට”
කොහොම වෙතත් මේවෙනකොට රටම හදුනන චරිතයක් බවට පත් ඇය ඒ විදිහේ දුක්බර අතීතයක් තමයි ගත කරලා තියෙන්නේ.
ඉතින් ඒ ජීවිතය තුළින් තව තවත් ජීවිතය සාර්ථක කරගන්නට කරගන්නට ඇයට වාසනාව වගේම ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.