ජීවිතේ කවදාවත් නොහිතපු නොවිදපු වේදනාවකට මූන දෙන්න සිද්ධ වුනා - රුක්ෂනා දිසානායක

 


නව පරපුරේ සිටින තාරකාවන් අතර රුක්ෂනා කියන්නේ කවුරුත් ආදරේ කරන දක්ෂතම තාරකාවක්. පහුගිය දවසක ඇය උන්නෙ අසනීපයෙන්. ආරංචි හැටියට නම් තවම ඇය පසුවන්නේ අසනීප තත්වයෙන්. තමා මුහුණ දුන් ඒ අසනීප තත්වය ගැනත් ඒ කාලයේ තමා ළඟ සිටි පිරිස ගැනත් ඇය මුහුණු පොතට සටහනක් එකතු කර තිබුණා. පහතින් දැක්වෙන්නේ ඇය තබා තිබූ එම සටහනයි.


උදරයේ සිදුකල ශල්‍යකර්මයක් නිසා මට දින ගණනාවක් ජීවිතේ කවදාවත් නොහිතපු නොවිදපු වේදනාවකට මූන දෙන්න සිද්ධ වුනා.. සල්ලි තමයි ජීවිතේම කියන මිනිස්සු එක්ක ඒ වේදනාවේ හැගීම් එක්ක තර්ක කරන්න පුලුවන්.. නිරෝගී සුවය තරම් සැනසීමක් මේ ලෝකේ කොහේවත් නැතුව ඇති.. 

සියලු සත්වයෝ නිදුක් වෙත්වා..! නිරෝගී වෙත්වා..! සුවපත් වෙත්වා..! 

මම අසනීප තත්ත්වයෙන් ඉන්නවා කියලා දැනගත්ත වෙලේ ඉදලා මට call කරලා message කරලා සුවදුක් අහලා සුවය පතපු හැමකෙනෙක්ටම පිං. සමහර calls answer කරන්න බැරිවුනා හිටපු අසීරු තත්වෙත් එක්ක.. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි!! ඒ ආශිර්වාදයෙන් මට ඉක්මනටම නැගිටින්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරනවා.. මම ශල්‍යකර්මය කරලා මට නැගිට ගන්නවත් බැරුව හිටපු ඒ දවස් 3,4 මාව සහෝදරියක් වගේ බලාගෙන මගේ හැම අඩුපාඩුවක්ම බලලා මට ශක්තියක් වුන දනන්ජි Danu Tharuka ඔයාට ගොඩක් පිං.. ඒ වගේම දැනගත්ත ගමන්ම මාව බලන්න ඇවිල්ලා මට කන්න ආස හැමදෙයක්ම ගෙනල්ලා අද වෙනකනුත් මගේ සුව දුක් බලන සුජිත් Sujith Gamage අය්‍ යේ කවදාවත් අමතක කරන්නෙ නෑ ඒ ශක්තිය.පිං සිද්ධ වෙනවා.. මම hospital එකේ ඉන්නකොට මාව තනි නොකරපු ශාලි අක්කටත් Shalika Edirisinghe මගේ පන වගේ ඉන්න යාලුවා ශශ් Shash Wan ඒ වගේම මන් ළග හිටපු ගීති Geethika Rajapaksha ශෙහන් අය් යෙ ඔයාටත් ගොඩක් ස්තූතියි! ඒ වගේම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මාව ශක්තිමත් කල ගුනවංශ අපේ හාමුදුරුවන්ට Ven Gnanawansa මාගේ අසීමිත කෘතගුණය.. 

කායික සුවය බෙහෙත් වලින් ලබාගන්න පුලුවන්.. ඒත් මානසික සුවයක් ලබාගන්න ඔය මොන බෙහෙතටවත් බෑ කියලා මම තේරුම් ගත්තා.. ඒක දරාගන්න මට ශක්තියක් වුන මගේ ආදරණීය පියුමි අක්කා Piumi Botheju අන්ජලී අක්කා Anjalee Liyanageතරුශි අක්කා Tharushi Perera පවි අක්කා Pavithra Wickramasinghe දනන්ජි ඔයාලට ගොඩක් පිං මාව දරාගත්තට.. 






Previous Post Next Post