දෙන්නෙක් වෙලා හිටපු අපි දැන් තුන්දෙනෙක් වෙනවා - බිපාෂා බාසු



රාස් හින්දි චිත්‍රපටය කියපු ගමන් ඔබට සිහිපත් වන්නේ කවුද? ඒ බිපාෂා බාසු බව අවිවාදිතයි. බොලිවුඩයේ රංගන ශිල්පිනියන් අතර වඩා සරාගීම රංගන ශිල්පිනියක් ලෙස බිපාෂාව හඳුන්වන්න පුළුවන්. බිපාෂා බාසු අද සිය සැමියා කරන් සිං ග්‍රෝවර් සමඟ ගත් ඡායාරූප කීපයක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කර ඇය ගැබ් ගෙන ඇති බව නිවේදනය කළා. බිපාෂා එම ඡායාරූප පළ කළේ මෙසේ සටහන් කරමින්.


“නව කාලයක්, නව අවධියක්, නව ආලෝකයක් අපගේ ජීවිතයට තවත් අද්විතීය සෙවනක් එක් කරයි.   අපිව ඉස්සරට වඩා ටිකක් සම්පූර්ණ කරනවා. අපි මේ ජීවිතය තනි තනිව පටන් ගත්තා, ඊට පස්සේ අපි එකිනෙකා හමුවෙලා එතැන් පටන් අපි දෙනෙක් වුණා. දෙන්නාට විතරක් වැඩි ආදරයක්, අපිට පේනකොට ටිකක් අසාධාරණයි වගේ... ඉතින් ඉක්මනට දෙන්නෙක් වෙලා හිටපු අපි දැන් තුන්දෙනෙක් වෙනවා. අපේ ආදරයෙන් ප්‍රකාශ වූ නිර්මාණයක්, අපේ පැටියා ළඟදීම අපිත් එක්ක එකතු වෙලා අපේ සතුට වැඩි කරයි."





Previous Post Next Post