වීදියේ තනි වු අහිංසකයෙක්ට පිහිට වූ බොලිවුඩ් නිළි මධුරි

 


කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් තාරකාවනෙ මධුරි ඩික්ෂිත්. මේ කතාව ඇගේ සුරතලා ගැන. නිකමට හිතන්න ඒ වගේ තරුවකගේ සුරතලා කොහොම කෙනෙක් වෙන්න ඇතිද කියලා. සෑහෙන්න මිල අධික සුරතලෙක්. එහෙම කෙනෙක් නේද එකපාරටම ඔළුවට ආවේ. හැබැයි මෙයා නම් එහෙම කෙනෙක් නෙවෙයි. මෙයාගෙ නම තමා "කාමෙලෝ". හොද වංශවත් කෙනෙක් නම් නෙවෙයි. එයා වීදියේ සැරිසරන කෙනෙක්. මෙයාව මධුරිට හම්බෙලා තියෙන්නේ එයාගෙ සැමියගේ ක්ලිනික් එක ළඟ පාරෙ ඉදලා කියලා තමයි ආරංචිය.මධුරිට දුක හිතිලා එයාව ගෙදර එකතුකරගෙන ඇවිත්. එයා දැන් මධුරිගෙ දරුවෙක් වගේ කියලයි කියන්නෙ . 

ඉතින් මේ කතාවේ ලොකු පණිවිඩයක් තියෙනවා. ඒ තමයි සල්ලි මිල මුදල් කොච්චර තිබුණත් මිනිස්කම සහ ආදරය සුරැකිව තියෙන අපූරුව. ඒ වගේම තමයි අපිටත් පුළුවන් නම් මේ වගේ කෙනෙක්ට පිහිටක් වෙන්න, ඒක කොච්චරක් නම් වටිනවද.




Previous Post Next Post