බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩ්ස් ආන්දෝලනාත්මක කප්පම් කඩුවකට චුදිතයෙක් වෙයි

 


ඉන්දීය රුපියල් කෝටි 200ක දැවැන්ත කප්පම් ගැනීමේ චෝදනාවට ලක්ව සිටින කොත්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩ්ස් නම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තර්තා කරනවා.  එම කප්පම් නඩුවේ මුදල් සෙවීමේ විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසින් දිල්ලි අධිකරණයට ගොනු කරන ලද පරිපූරක චෝදනා පත්‍රයේ ඇය ව ද විත්තිකරුවෙකු ලෙස නම් කර තිබුණා.

ඒ අදාළ චෝදනාව ලැබ සිටින, සුකේෂ් චන්ද්‍රසේකර් විසින් නිලි ජැකලින් ෆර්නැන්ඩ්ස් වෙත ඉන්දීය රුපියල් කෝටි 5.71ක වටිනාකමකින් යුතු විවිධ තෑගිබෝග ලබා දී ඇති බව කියමිනුයි ඇයව මෙම කප්පම් නඩුවේ චූදිතයෙක් ලෙස නම් කර සිටින්නේ.   මෙම සිද්දීය සම්බන්ධයෙන් මීට පෙර ද අදාල විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඇයගෙන් තමාට අයත් වත්කම් පිළිබඳව ප්‍රශ්න කර තිබුණා.  මෙම කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් අදාල විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මීට අදාළ පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සුකේෂ් චන්ද්‍රසේකර් සහ ඔහුගේ බිරිඳ ලීනා මාරියා පෝල් ද ඊට ඇතුළත් වනවා.






Previous Post Next Post