මෙරට කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න ජනප්‍රිය මෙන්ම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් තමයි මානෙල් වානගුරු කියන්නේ. මීට වසර ගණනාවකට පෙරදී කලා කටයුතු ආරම්භ කරමින් ක්ෂේත්රයට පිවිසෙන ඇය මේවෙනකොට කලා නිර්මාණ ගණනාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.කොහොම වෙතත් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය අපට මේ දිනවල පුංචි තිරය ඔස්සේ දැකබලා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ හිරු නාලිකාවේ විකාශය කෙරෙන ‘දිවිතුරා’ ටෙලි නිර්මාණයේ ටීනාගේ අම්මා විදිහටයි. ඇය ගැන කතා කරනවානම් ඇය මේවෙද්දී විවාහකයි. ඇගේ විවාහය සිදුවෙන්නේ අපේ රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ වගේම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වන ආනන්ද වික්‍රමගේ මහතා සමගිනුයි.ඉතින් රංගන ප්‍රතිභාව අනූන මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ කියන මේ යුවළට මේවෙද්දී පුතාලා දෙදෙනෙකු ඉන්නවා. ඒ ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ.
ඇත්තෙන්ම ඔවුන් දෙදෙනාත් මෙරට කලා ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පීන් දෙදෙනෙක්. කොහොම වෙතත් කලා ක්ෂේත්රයට සම්බන්ධ සාමාජිකයන් රැසකගෙන් සමන්විත මේ පවුලට මේවෙද්දී මෙරට බොහෝදෙනෙකු ආදරය කරනවා. ඇත්තෙන්ම වික්‍රමගේ පවුල කියල කියන්නේ එදා මෙදා තුර ලැබෙන ජනප්‍රියත්වය කිසිම දවසක අඩු නොවන කලා පවුලක්. ඉතින් මේ ආදරණීය පවුලේ අම්මා කියන්නේ පවුලට ජීවයක්. ඇය තමයි නිවසේ උයන පිහන හැම වැඩ කටයුත්තක්ම කරන්නේ. කොහොම වෙතත් ඇයනම් කියන්නේ නිවසේ හැම වැඩ කටයුත්තකටම ආනන්ද වික්‍රමගේගෙන් ඇයට සහයෝගයක් ලැබෙනවා කියලයි.මේ විදියට පුතාලා දෙන්න ලොකු කරගෙන ගෙදර වැඩ ටිකත් කරගන්න ඇයට ආනන්දගෙන් ලොකු සහයෝගයක් ලැබුණා කියලත් ඇය සදහන් කරනවා.කොහොම වෙතත් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඇය හදන කෑම ගෙදර අනිත් කට්ටිය රස විදිනකොට ඇති වන හැගීම ගැන කියල තිබුණේ මෙහෙම කතාවක්.
” අපේ අම්මට වගේ කාටවත් රසට උයන්න බෑ කියලා පුතා නිතරම අගය කරනවා. මම හදන කෑම හැමෝම රස කර කර කනවා දකිද්දි මට අප්‍රමාණ සතුටක් දැනෙන්නේ. චූටි පුතා ආසයි මම හදන පොල් සම්බෝලෙට. එයාලා ආස කෑම හදල මම කෑම මේසේ පුරවනවා. මම හරි ආසයි දරුවො ආස කෑම කන්න දීලා එයාලා සතුටු වෙනවා බලන්න. මම අසනීප වුණොත් කෑම හදන්නේ ගෙදර හැම වැඩක්ම කරන්නේ පුතාල දෙන්නා. පුතාලටත් කුස්සියේ වැඩ පුරුදු කරන්න ඕන. ”
ඒ විදිහට තමයි තමයි ඇය සුන්දර පවුල ගැන පහුගිය දවසක අදහස් දක්වලා තිබුණේ. කොහොම වෙතත් මෙරට කලාව වෙනුවෙන් සුවිශේෂ කාර්යබාර්යයක් ඉටුකරන ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට ඇයට හැකිවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.