මම ආදරේ කරපු තරමට මට ආදරේ ලැබුණෙ නෑ - සුධීක‍ෂා සමාධි




පුංචි කාලෙ පෙන්නපු පුංචි පුංචි රංගන දක‍ෂතා හඳුනාගත්තු ඇගේ දෙමවුපියන් එ හැකියාවන් ඔපමට්ටම් කරගෙන රංගන ෙක‍ෂ්ත්‍රය ජයගෙන ඉදිරියට යන්න ආශිර්වාදයක් වෙනවා. එ ගමන් මගේ මූලික අඩිතාලම වෙන්නෙ සිරස නාලිකාව හරහා විකාශය වූ රන්සිත්යාය ළමා වැඩසටහන. එදා රන්සිත්යායෙන් පටන් අරගෙන අද දිවිතුරාහි රෙහානා රාජිනී හි රෝස් වගේම පාරවසා ඇත ටෙලි නාට්‍යයේ සවනි ලෙස පුංචි තිරය ඔස්සේ අප ඉදිරියට එන සුධීක‍ෂා සමාධි පැමිණි ගමන් මගේ අසිරිය මේ විදියට මතක් කළා...


මා සතුව රංගන හැකියාවන් තියෙනවා කියල මූලින්ම හඳුන ගන්නෙ මගේ අම්ම තාත්තා. එ අවබෝධය මත තමයි මට නොතේරෙන පුංචි වයසෙදි ඔවුන් මාව කලා කටයුතුවලට යොමු කරන්නෙ. එ යොමු කිරීම නිසා තමයි අද දවස වෙනකොට රංගන ශිල්පිනියක් ලෙස ෙක‍ෂ්ත්‍රයට පයතින්න හැකියාව ලැබුණෙ.


ළමා වැඩසටහනක...


පාසලේ හතර වසරෙ ඉගෙනුම ලබද්දී තමයි සිරස නාලිකාවෙ විකාශය වුණ රන්සිත් යාය ළමා වැඩසටහනට මාව යොමු කළේ. සාමාන්‍ය පෙළ පංතියට එනකම් මම එ වැඩසටහනට සහභාගි වුණා.


අධ්‍යාපන කටයුතු...


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ තමයි මම ඉගෙන ගත්තෙ. විෂයක් හැටියට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. වේදිකා නාට්‍යවලට තිබුණෙ පුදුම කැමැත්තක්. උසස් පෙළ කරන කාලෙ මම ම පිටපත ලියල මම ම රංගන කටයුතුවලට යාළුවො දම්මල නාට්‍ය ඉදිරිපත් කළා. එ හරහා මම හොඳම අධ්‍යක‍ෂිකාව ලෙස සම්මානයටත් පාත්‍ර වුණා. එක මම පාසල් මට්ටමෙන්  ලබපු විශාල ජයග්‍රහණයක්.


රංගනයට...


රංගන ක‍ෂ්ත්‍රයේ මගේ මුල්ම ගුරුවරයා වෙන්නෙ වසන්ත ඥානප්‍රිය සර්. ඔහු රන්සිත් යාය වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක‍ෂ විදියට කටයුතු කරමින් සිටින අතරතුර තමයි මා තුළ තිබූ සැගවුණ රංගන හැකියාවන් එළියට අරගෙන මාව දිරිමත් කළේ.


මුල්ම තිර පරීක‍ෂණය...


තුන්පත් රෑන කියලා ෆිල්ම් එකකට අවුරුදු 18 ක විතර තරුණ ගැහැනු ළමයෙක් අවශ්‍යයි කියලා රේණුකා බාලසූරිය මිස් පත්තරේ දැන්වීමක් දාල තියෙනවා දැකලා තමයි මම අම්මත් එක්ක එ සඳහා යන්නෙ. එදා පරීක‍ෂණයෙන් මම සමත් වුණා. එත් මට එ අවස්ථාව මග හැරෙනවා. මොකද කථාවෙ හැටියට කොණ්ඩෙ කපන්න වෙනවා. එකට මගේ අම්ම වගේම තාත්තත් අකමැති වුණා. එදා මම  කිව්වා කොණ්ඩෙ කපල හරි එ චරිතය ර`ගපාන්න මම කැමතියි කියලා. එත් අන්තිමට කල්පනා කරලා බැලූවම මටත් එ දේට එක`ග වෙන්න වුණා. මොකද මගේ කොණ්ඩෙ වැවෙන්නෙ හරිම අඩු වේගයකින් නිසා.


රංගනයට පාර කැපෙනවා...


එක අදහගන්න බැරි අවස්ථාවක් වුණා. එ ඔඩිෂන් එකේදිම මට හමුවෙනවා ප්‍රවීන රංගන ශිල්පියකු වන අනිල් ජයසිංහ මහතාව. ඔහු එ සිදුවීම දැකල අම්මට කියනවා ටෙලිනාට්‍යයකට ගෑනු ළමයෙක් හොයනවා මම තැන කියන්නම් කැමති නම් යන්න කියල. එ විදියට ගිහින් දෙරණ නාලිකාවේ විකාශය වූ දේදුණු කියන ටෙලිනාට්‍යයේ ජනීශා කියන චරිතය නිරූපනය කළා.


දිගින් දිගටම ආරාධනා...


එදා කොණ්ඩෙ කපල හරි රංගන සිහිනය සැබෑකරගන්න අ~පු මට දෙයියන්ගෙ පිහිටයි කියලා දේදුණු ටෙලිනාට්‍යයෙන් පස්සෙ කලූ අරලිය නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා. එ විදියට එකක් ඉවර වෙනකොට තව නිර්මාණයකට සම්බන්ධවෙමින් මොනර කඩදාසි, ලබැඳියේ, අන්කල් සෑම්, වරාමලී, ස්නේහා, වස්සානේ ප්‍රේමය, පැහැසරා, උතුම් පැතුම් ඇතුළු තවත් ටෙලිනාට්‍ය ගණනාවක විවිධ චරිත නිරූපනය කරන්න අවස්ථාව හිමිවුණා.


චරිත තෝරා බේරා ගැනීම...


මම දකින දෙයක් තමයි අද අවුරුදු කුමාරියක් වෙලා ෙක‍ෂ්ත්‍රයට එන අයත් බලාපොරොත්තු වෙන්නෙ ප්‍රධාන චරිත. මා ළ`ග එවැනි බලාපොරොත්තු එදා තිබුණෙත් නෑ අද තියා ගන්නෙත් නෑ. නිර්මාණයකට ආරාධනා ලැඛෙන්නෙ එක දවසක විකාශය වන චරිතයක්ද එAකට මට සාධාරණයක් කරන්න පුළුවන්නම් මම ගිහින් ර`ගපානවා.


අද දවසේ රංගන කටයුතු...


මේ දවස්වල ස්වර්ණවාහිනියේ පාරවසා ඇත දෙරණ නාලිකාවේ රාජිනී වගේම හිරු නාලිකාවේ දිවිතුරා කියන මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය තුනක්ම විනාශය වෙනවා. වැඩ ඉවර කරපු තවත් නාට්‍ය තුනක් විකාශය වීමට නියමිතව තියෙනවා. මම හිතන්නෙ මේ ටික ඉවර වෙනකොටම වගේ එAවත් විකාශය වේවි.


සිනමාවට ආරාධනා...


ඇත්තටම එකත් කාලෙක ඉඳල මගේ හිතේ තිබුණ ලොකු හීනයක්. මම වැඩකරපු ෂැඩෝ නාට්‍යයේ අධ්‍යක‍ෂවරයා වූ නාලක විතානගේ මහත්මයා තමයි මට මුලින්ම රිදී තිරයට ආරාධනා කරන්නෙ. එAත් මේ පවතින කාලයත් එක්ක එක පොඩ්ඩක් පස්සට ගියා. ඔය අතරේ දෙවැනියට ලැබුණ ආරාධනාවකට අනුව කැලූම් ආර්යන්ගෙ චිත්‍රපටයකට සම්බන්ධ වුණා. එහි වැඩකටයුතු දැන් බොහෝ දුරට අවසන්. එA අනුව 2023 වසරේ ආදරණීය රසිකයන්ට මාව රිදී තිරය හරහා දැක ගන්න පුළුවන්.


රංගනය රැකියාව වෙනවා...


මුල්කාලෙ මම ට්‍රැවල් එජන්සි එකක එකවුන්ට් ඇසිස්ටන් කෙනෙක් විදියට රැකියාවක් කළා. එ ආයතනයෙන් මට ලැබුණ විශාල සහයෝගයත් එක්ක මට වසර දහයක් රැකියාවේ නිරත වෙමින් ක‍ෂ්ත්‍රය තුළ බැලන්ස් එකේ ගමනක් ගියා. එත් දැනට අවුරුදු දෙකක පමණ ඉඳල මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක් විදියට තමයි වැඩ කරන්නෙ.


පවුලේ විස්තර...


අම්ම තාත්තා ඇරුණහම මට ඉන්නෙ මල්ලියෙක් විතරයි. ඔහු තමයි මට ඉන්න ළ`ගම සහ හොඳම ප්‍රේක‍ෂකයා. මගේ රංගනය හොඳනම් එයා කියනවා අක්කෙ ඔයා නියමෙට එක කරා කියලා. එහෙම නැති වුණොත් එකත් මගේ මූණටම කියනවා. එ නිසා මම නිතරම විමසිල්ලෙන් ඉන්නෙ මල්ලිගෙන් ලැඛෙන කමෙන්ට් එක දිහා බලාගෙන. එතකොට අඩුපාඩුවක් තියෙනව නම් හදාගන්න ලේසියිනෙ.


පෙම්වතාගේ ප්‍රතිචාර...


හොඳයි හෝ නරකයි කියලා ප්‍රතිචාර ලබන්න මට මේ වෙද්දී පෙම්වතෙක් නෑ. මම ආදරය කරල තියෙනවා. එත් මම ආදරේ කරපු තරමට මට ආදරේ ලැබුණෙ නෑ. ආදරේ කියනදේ කවදාවත් බලෙන් ගන්නත් බෑ. එහෙම අරගෙන වැඩකුත් නෑ. එ නිසා මේ කාලෙ මගේ වැඩ ටික කරගෙන සතුටින් ඉන්නවා. ගෑනු ළමයෙක් විදියට මමත් කැමතියි පෙම්වතියක් බිරිඳක් මවක් විදියට ලස්සන ජීවිතයක් ගතකරන්න. රංගනය කියන මගේ ආදරණීය වෘත්තියටත් මට වගේම ආදරය කරන කෙනෙක් මගේ ජීවිතේට එයි කියලා මට විශ්වාසයක් තියෙනවා. එදාට බොහොම ආදරෙන් මම ඔහු ළ`ග නතර වෙයි.


පැමිණි ගමන්මග...


එ දිහා ආපහු හැරිල බලද්දි හිතට දැනෙන සතුට කියල නිම කරන්න බෑ. රංගනයට යොමු වෙලා මම මගේ සිහිනය සැබෑ කරගත්ත වගේම අම්ම තාත්තගෙ හීනත් සැබෑ කරා. මං ගැන එකම සහෝදරයා ඉන්නෙත් ලොකු සතුටකින්. අනිත් අතට කරන රංගනය හරහා ආදරණීය ප්‍රේක‍ෂකයො සතුටු කරන්න ලැබීමත් හැමෝටම නොලැඛෙන අවස්ථාවක්. එA දේවල් කල්පනා කරද්දි ජීවිතේ සුන්දරද මෙතරම් කියල හිතෙන වාර අනන්තයි. අප්‍රමාණයි.



ධම්මික හේවාවසම්





Previous Post Next Post