පසුගිය වසරේ සුපිරි බොලිවුඩ් සිනමා නළු රන්බිර් කපුර් සමගින් විවාහ වූ සුරූපි සිනමා නිළි ආලියා භාට් මව් පදවිය ලැබීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබෙයි. ආලියා මේ වනවිට සිය පළමු හොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා ප්‍රංශයේ පැරිස් නගරයට ගොස් සිටින අතර, ඇය එහිදි තම ගැබිණියක්ව සිටින බව ප්‍රසිද්ධ කර තිබේ.
මෙම සුබ ආරංචිය බොලිවුඩය පුරා විනාඩි කිහිපයක් ගෙවදි පැතිර ගිය අතර, එය දැනගත් බොහෝ බොලිවුඩ් සිනමා තරු ඇයට සුබපැතුම් එකතු කොට තිබුණි. විශේෂත්වය වන්නේ ලොවපුරා වෝන්ඩර් වුමන් ලෙස ආදරය දිනා සිටින ගාල් ගැටොඩ්ද ආලියා වෙනුවෙන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා අපුර්ව සුබපැතුමක් එකතු කොට තිබීමය. වෛද්‍ය පරික්ෂණවලින් පසුව ආලියාට සිය කුළුඳුල් දරුවා ලැබීමට දින නියම වී ඇත්තේ ලබන වසරේ පෙබරවාරි මාසයේ බව සඳහන් වෙයි.