ඉස්සර අපේ දුප්පත්කම කියන්නේ තාත්තා කොලඹ ගියේ අම්මගේ ගවුමක් ඇදගෙන - සංජය මුරමුදලි



අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සංජය මුරමුදලි කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය කඩවසම් රංගන ශිල්පියා පහුගිය කාලයේ අපේ රටේ හොඳම නැගී එන නළුවා සම්මානයෙන්ද පිදුම් ලැබීමට වාසනාවන්ත වුණා.

කොහොම නමුත් මෑත කාලයේදී අමුතු රසිකයා ටෙලිනාට්‍යයෙන් අපේ රටේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණු ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහු ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහුගේ ගම හඟරන්කෙතලු. ඉතින් ඒක නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති හරි සුන්දර ලස්සන පරිසරයක තියෙන ගමක් කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම ඔහුගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, ඔහුයි, නංගියිලු. ඒ වගේම ඔහුගේ අම්මයි තාත්තයි දෙන්නම ගොවිතැන්ලු කරන්නේ. නංගි තාම ඉස්කෝලේ යනවාලු.ඒ වගේම ඔහු ඉගෙන ගත්තේ හඟුරන්කෙත දියතිලක මධ්‍ය මහා විදුහලෙන් කියලයි ඔහු කියන්නේ. ඊට පස්සේ පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට තේරිලා උපාධිය හැදෑරුවාලු. ඒ වගේම දැනටත් ඔහු පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෙනත් විෂයන් වලින් උපාධිය හදාරමින් ඉන්නවා කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහු පුංචි කාලේමම ගමේ මිනිසුන්ට පවා එපා කරපු චරිතයක්ලු. ඉතින් ඔහු හරිම දඟ චරිතයක් කියලයි ඔහු කියන්නේ. ඒ කාලේ ඔහු අඹ ගහකට හරි ගලක් ගහලා, ගෙදරක වීදුරුවක් හරි කඩලා අනන්තවත් ප්‍රශ්න ඇතිකරගෙන තියෙනවාලු. ඒ වගේම පාසැලේදී ඔහුට විශේෂ හැකියාවන් ටිකක් තිබුණාලු. ඉතින් ඔහු පාසැලේදී නම් තුනකින් පෙනී සිටියා කියලයි ඔහු කියන්නේ. සංජය කියන්නේ දරුණු විදියේ වැඩකරපු, රණ්ඩුවලට පැටලුණු කෙනෙක්ලු. ඒ වගේම පාසැලේදි ඔහුව හොඳ ශිෂ්‍යයෙක් විදිහට දැණුනු ගුරුවරුන්ට ඔහු කසුන් වුණාලු. ඒ වගේම පාසැලේදී විදුහල්පතිතුමා ඔහුව මුරමුදලි කියන නමින් තමයිලු දැනගෙන හිටියේ. ඉතින් පාසැල් කාලෙත් ඔහු හරිම දඩබ්බරයිලු.

ඉතින් ඒ වගේම ඔහු ළමා කාලයේදී ආර්ථික අපහසුතා සෑහෙන විඳලා තියෙනවාලු. ඔහු අවුරුදු හතරේදී විතර ඔහු ගෙදර තිබුණ ඡායාරෑපයක් දැකලා තිබුණාලු. හැබැයි ඒක ගැන හරියටම ඔහු දැනගත්තේ පස්සේලු. ඉතින් ඒ වගේම ඔහුට අවුරුදු තුනේදී ඔහුගේ අම්මා රට ගියාලු. ඔහු පහ වසරේදී ඉඳිද්දී තමයිලු ආයෙත් අම්මා ලංකාවට ආවේ.  ඉතින් ඒ වෙනතුරු ඔහු අම්මා කියන්නේ කවුද කියලවත් දැනගෙන හිටියේ නැහැලු. ඉතින් ලංකාවට ආපු අම්මා ඔහුව බදාගෙන ඇඬුවට ඔහුට ඒක දැනුණේ නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහු අප්පච්චිගෙන් මේ කවුද කියලා ඇහුවාලු.  හැබැයි ඒ අවස්ථාවේ ඉඳන් අදටත් ඔහුට අම්මා නැතිව පොඩ්ඩක්වත් ඉන්න බැහැ කියලයි ඔහු කියන්නේ. දැන් ඔහු අවුරුදු පහක් විතර වෙනවාලු කොළඹ ඇවිත්. ඒත් අද වනතුරු හැමදාම රූට මොන වැඩේ තිබුණත් අම්මට කතා කරනවාලු. ඉතින් අම්මාගේ කටහඬ ඔහුට හැමදාම අනිවාරෙන් අහන්නම ඕනේ කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහුට අවුරුදු හතරේදී ඔහුගේ අම්මයි, තාත්තයි දෙන්නම ගවුම් ඇඳගෙන මුහුදු වෙරළේ ඉන්න ඡායාරෑපයක් ඔහුට හම්බවුනාලු. ඒකේදී ඔහුව ඔහුගේ අප්පච්චියි වඩාගෙනලු හිටියේ. ඉතින් ඒක ගැන මට ලොකු තේරුමක් තිබුණේ නැහැලු ඒ දවස්වල. නමුත් දෙන්නම ගවුම් දෙකක්ලු ඇඳලා තිබුණේ. හැබැයි ඒ ඡායාරෑපයේ හරි තේරුම අප්පච්චියි අම්මයි ඔහුට තේරෙන වයසට ආවට පස්සේ කියලා දුන්නාලු. ඉතින් ඒ කාලේ අප්පච්චිට අඳින්න ඇඳුමක්වත් තිබිලා නැහැලු. ඒ නිසා එදා ඔහුගේ තාත්තයි, අම්මයි කොළඹ ඇවිත් තිබුණේ අම්මගේ ගවුමක් තාත්තා ඇඳගෙනලු. ඉතින් මුහුදු වෙරළේදී අහම්බෙන් දැකපු කෙනෙක් ඒ කාලේ තිබුණ කැමරාවකින් ඒ දෙන්නාගේ ඡායාරූපයක් අරගෙන ඒක අතට දීලා තිබුණාලු.  ඉතින් ඒ කාලේ ඒ වෙලාවෙම පින්තූරය ගන්න පුළුවන් කැමරාවක් තිබුණා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ පින්තූරය අදටත් ඔහුගේ ළඟ තියෙනවාලු. ඉතින් ආර්ථික අපහසුතා ඔහුගේ ජීවිතේ ඕනෑතරම් තිබුණා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම අදටත් ඔහු කීයක් දුන්නත් අප්පච්චි ඒ සල්ලි ගන්න කැමැති නැහැලු. ඉතින් ඒ වගේ දෙන්නෙක්ගේ දරුවෙක් වෙලා ඉපදීම ගැන තියෙන්නේ ලොකු සතුටක් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.






Previous Post Next Post