අපේ පවුලට ඉරිසියා කරන මිනිස්සුන්ට කවදාවත්ම සැනසීමක් ලැබෙන්න එපා - සමිතා මුදුන්කොටුව



අද අපි කියන්නේ යන්නේ ලංකාවේ ගොඩාක් ජනප්‍රිය ජෝඩුවක් ගැන. බොහෝ දෙනා මේ ජෝඩුවට ගොඩාක් ඉරිසියා කරනවා. මොකද එතරම්ම හරි ආදරෙන් මේ යුවල ඉන්නේ. ඉතින් අපි කතා කරන්නේ අපේ රටේ ගොඩාක් ජනප්‍රිය ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව සහ චිරන්ත ගුණවර්ධන ගැනයි. යුරු හඬකට උරුමකම් කියන ඇගේ හඬට ආදරේ කරන අයගේද අඩුවක් නෑ. සමිතා මුදුන්කොටුව විවාහ වුනේ අතුල අධිකාරී සමගයි. ඔහුත් අපේ සංගීත ක්ශේත්‍රයේ ගොඩක් දක්ශ ගායකයෙකු වශයෙන් කටයුතු කරනවා. කොහොම වුනත් ඔවුන් දෙදෙනා පසුව දික්කසාද වනවා.සමිතා ඉන්පසුව චිරන්ත ගුණවර්ධන සමග විවාහ වනවා. 

සමිතාට මේ වෙනකොට දියණියක් සහ පුතෙකු සිටිනවා. සමිතාගේ දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරී කියල කියන්නේ. කාවින්ද්‍යා අධිකාරී අපේ කලා ක්ශේත්‍රයේ දක්ශ නිවේදිකාවක් වශයෙන් සහ දක්ශ ගායිකාවක් වශයෙන් කටයුතු කරනවා. සමිතා කියල තිබුනෙ, සමිතා සහ චිරන්ත මේ වෙනකොට ගොඩක් සතුටින් ඉන්නව කියලයි.ඉතින් ඒ ගැන ඇය කියන්නේ මේ විදිහටයි. මම වැඩක් නැති දේවල් වලට නම් දුක්වෙන කෙනෙක් නෙවෙයි. ජිවත් වෙන්න ඕන ජිවිතේ විදින්න.ඉතින් මම හැමදාම කියනවා වගේ සතුටින් ඉන්න ජිවිතේ විදවන්න එපා.ගොඩක් අය කැමතියි වැඩක් නැති දේවල් තමන්ගේ කරගෙන ජීවිතේ විදවන්න.

අනුන්ගේ දේවල් ගැන හිතන් නැතුව තමන්ගේ දේ හරියට කරන්න.කොච්චර දේවල් තිබුනත් අනේ මට එයාට වඩා නෑනේ කියලා ජිවිතේ දුකක් කරගන්න එපා.ආදරේ ගැන කිවුවොත් මම නම් සාමාන්‍යයෙන් කැමතියි ආදරයත් ලස්සනට කරගෙන යනවා දකින්න.ඉතින් එහෙම නැතුව ඒ දේවල් වලට දුක් වේවි ගෙවල්වල ඒවා කතාකර කර තමන්ගේ දේවල් අතපහු කරගෙන ජිවත් වෙනකොට තමන්ගේ කාලයත් නිරපරාදේ අපතේ යනවා .අපිට තියෙන දේ අපි රැකගෙන අපි ලස්සනට ජිවත් වෙමු.එහෙම ජිවිතයක් තමයි මම නම් ගෙවන්නේ .මම කැමතියි හැමෝම ජිවිතේ විදිනවා බලන්න.අපේ පවුලට ඉරිසියා කරන මිනිස්සුන්ට කවදාවත්ම සැනසීමක් ලැබෙන්න එපා.





Previous Post Next Post