මම අම්මා ලඟට ගිහින් හැමදාම අඩනවා මම සුදු නැහැ, මහතයි, කවුරුත් මට ආදරේ නැහැ කියලා - ස්ටෙෆනී සිරිවර්ධන



සුන්දරත්වය නිසාම අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය වගේම ආදරය දිනාගත්ත රූප රාජිනියක් වගේම භාෂා කිහිපයකින්ම නිවේදන කටයුතු කළ හැකි දක්ෂ නිවේදිකාවක් තමයි ස්ටෙෆනී සිරිවර්ධන කියලා කියන්නේ. ඉතින් 2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ පැළදීමත් සමඟ දෙස් විදෙස් ජනාදරයට පත් වුණ ඇය අද වනවිට අපේ රටේ වඩාත් කතාබහට ලක් වන්නේ සිරස රූපවාහිනියේ ද වොයිස් ටීන් තරගාවලියේ නිවේදන කටයුතු සිදු කිරීම නිසයි. ඉතින් අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම නර්තන ශිල්පියෙක් වන දුෂ්‍යන්ත් වීරමන් සමඟ විවාහ වෙලා ඉන්න ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ සුන්දරත්වයේ රහස් ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් පිටරටක ඉපදිලා එහි හැදී වැඩෙද්දී ඇය ඇයගේ වයසේ ගොඩක් අය දැක්කේ ගොඩක් ලස්සනටලු. හැබැයි ඇය පුංචි කාලේ ගොඩක් ලස්සන නැහැ කියලත් ඇය කියනවා. ඇයගේ ඇඟ මහතයිලු ඒ කාලේ. ඉතින් ඇයට මතකයිලු ඇය ඉස්සර අම්මා ළඟට ගිහින් අඬනවා ‘අම්මේ මම ගොඩක් සුදු නෑ, මම මහතයි’ කියලා. ඒ වගේම ඇයට ඉස්සර කවුරුත් වැඩිය කවුරුත් ආදරේ නැහැ කියලත් ඇය අඩනවාලු. හැබැයි ඒ හැම වෙලාවකම අම්මා ඇයට කිව්වේ ‘පුතේ ඔයා ඔයාම වෙන්න බලන්න. ඔයා ලස්සනයි, ඔයා දක්ෂයි. දෙවියන් වහන්සේ ඔයාව මේ ලෝකයට එවලා තියෙන්නේ ගොඩක් හොඳ කෙනෙක් විදිහට කියලලු. ඉතින් ඒ වගේම සර්ව සම්පූර්ණ අය කවුරුත් ලෝකයේ නැහැ කියලත් ඇයගේ අම්මා ඇයට කිවුවලු. ඉතින් ඇය කියන්නේ අපිට අමාරු මම කියන කෙනා කවුද කියන එක හොයාගන්න එකලු. මම කළු වුණත්, මම සුදු වුණත්, මම ලස්සන වුණත්, මම කැත වුණත් ඒ මමමයි කියලා අපි තේරුම් ගන්න ඕන කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ හැමදේම උපතේදී අපට ලැබිලා තියෙන්නේ ගැලපෙන විදිහට කියලත් ඇය කියනවා. ඒ හැරෙන්නට ස්වභාවිකවම ලැබුණු හමේ පාට වෙනස් කරලා, මූණේ හැඩය වෙනස් කරලා අපි වෙන කෙනෙක් වීමට උත්සාහ දැරීම තුළම සිදුවන්නේ අපි අපවම නැතිකර ගැනීම කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම අපිට රූපයේ වෙනස් වීම් මහා බරපතළ විදිහට මනසට පීඩාකරන්න පුළුවන් කියලත් ඇය කියනවා. නමුත් අපි හදවතින් යම් දෙයක් කළොත්, අපගේ වටිනාකම වැඩිකර ගන්න උත්සාහ ගත්තොත්, අපි කොච්චර වයසට ගියත් අපේ වටිනාකම් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. හරියට හොඳ වයින් එකක් පරණ වෙන්න පරණ වෙන්න වටිනාකම වැඩිවෙනවා වගේ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇඟට ගැලපෙන විදිහට ඇය සහභාගි වෙන තැනට ගැලපෙන විදිහට විලාසිතා කරනවාලු. ඒ හැරෙන්න එන එන විලාසිතා කරන පුරුද්දක් නම් ඇයට නැහැ කියලයි ඇය කියන්නේ. (උපුටා ගැනීම)





Previous Post Next Post