පුංචි චාමරට අකුරු කියවලා - චාමර සිය පුතුට කියු දේ



චාමර වීරසිංහ කියන්නේ ලොකු කුඩා වයස් බේදයකින් තොරව හැමෝම ආදරය කරන කලා ලොවේ  ආදරණිය නිහතමානී ගායකයෙක්. දෙදාහ දශකයේ මුල්භාගයේ ඉතා ජනප්‍රිය ගායකයෙක් වුණු චාමර වීරසිංහ එතැන් සිට තවමත් වසර ගණනක් ප්‍රේක්ෂකයන්ගේ හිත් හොරකම් කර ඇත්තේ ඔහුගේ නිර්මාණවල තියෙන හැඟීම නිසාමයි. ඔහුගේ එකම ගීතය ආයෙ ආයෙත් අහන ප්‍රේක්ෂකාගාරයක් ඔහු වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා. චාමර වීරසිංහ මේ තරම් ජනප්‍රිය ඔහුගේ ඇති නිහතමානීකම නිසා යැයි බොහෝදෙනා විශ්වාස කරනවා. සැබවින්ම අනෙක් කලාකරුවන් ජනප්‍රියවන්නට කරන කිසිවක් නොකරන ඔහුට ඇත්තේ පුදුම සහගත ජනප්‍රියත්වයක්. 

මේ කියන්න යන්නේ චාමරගේ කලා කටයුතු ගැන නෙමෙයි. පෞද්ගලික ජීවිතයේ ඔහුට සමීපතමයෙක්ගෙ දෙයක්. චාමර වීරසිංහ කියන්නේ දැන් පුංචි පුතෙක්ගෙ තාත්තා කෙනෙක් කියලා හැමෝම දන්නවා. චාමරගේ පුංචි පුතා අද අකුරු කියවලා. චාමර ඔහුට සුබපතලා ඡායාරූප කීපයක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා මෙන්න මෙහෙම සටහනක් තියලා තිබුණා. 

"ජීවිතය දිනන්නට මගේ පුතුට වාසනාව ශක්තිය ලැබේවා..පැහැබර අනාගතයක් වේවා. තෙරුවන් සරණයි"









Previous Post Next Post