ශෙනායා... අපිට ඔයා ගැන විස්තර ටිකක් කියන්න?
මගේ නම ශෙනායා ඇනීසා. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කලා තුන්දෙනයි මමයි. මගේ අක්කලා තුන්දෙනාම දැන් විවාහකයි.
අක්කලා තුන්දෙනා එක්ක ගත කරපු ඒ ළමා කාලය කොහොමද?
ඒ ළමා කාලය නම් හරිම ෂෝක්. මම තමයි ඉස්සර අක්කලා තුන්දෙනා එක්ක ගොඩක්ම රණ්ඩු කළේ. හැබැයි ඒ අය එක්ක ලොකුවට කතා කරන්නෙත් නැහැ. ඉස්සර දඟයි.
ශෙනායා පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද?
ඇත්තටම පුංචි කාලේ මගේ තිබුණු හීනය මේකම තමයි. මම රඟපාන්න හරිම ආසයි. ඉස්සර ටී.වී. එකේ පුංචි ළමයි රඟපානවා නටනවා බලලා මමත් ඒ විදිහට රඟපාන්න ආසා කළා. &අනේ.. මටත් මේ විදිහට රඟපාන්න තිබුණා නම් හොඳයි* කියලා හිතපු දවස් අනන්තවත් තිබුණා.
ඒ හීනය හැබෑ වුණේ කොහොමද?
මම දිලීප ආරියරත්න සර් යටතේ නර්තනය ඉගෙන ගත්තා. සර් තමයි මුලින්ම මාව වෙළෙඳ දැන්වීම්වලට යොමු කළේ. ඒ වෙද්දි මට වයස අවුරුදු දාහතයි. ඊළඟට රෑප රචනාවලට සම්බන්ධ වුණා. මීට පෙර මම එක්තරා ටෙලිනාට්‍යයක රඟපෑවා. ඒක විකාශනය වුණේ නැහැ. ඒ නිසා හිත ළඟ හිනැහුණා මගේ මුල්ම ටෙලිනාට්‍ය රංගනයයි. ඒ වෙනුවෙන් ධනුෂ්ක රත්නායක අයියාටත් මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා ඇතුළු මුළු කණ්ඩායමටම ස්තූති කරන්න ඕනෙ. ඒ වගේම අශේන් අයියටත් ගොඩක් ස්තූති කරනවා.
කිරැලිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
කිරුලිට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මඟතොටදී දකිද්දිත් බොහෝ දෙනා ආ.. ඔයා කිරුලි නේද... කියලා අහනවා. ඒ ගැන හරි සතුටුයි. එක දෙයක් කියන්න ඕනෙ. මගේ නමින් Facebook හදලා බොහෝ දෙනා chat කරනවලු. හැබැයි මම Facebook නැහැ. ඒ බොරු fb වලට රුවටෙන්න එපා කියලත් මම ආදරයෙන් මතක් කරනවා.
මේ වෙනකොට පෙම්වතියක්ද?
මේ වෙද්දිනම් මම පෙම්වතියක් නෙමෙයි. මම ආදරය කරලා තියෙනවා. ඒත්.. ඒ ආදරය නතර කරන්න සිද්ධ වුණා.
ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?
මම මේ ක්ෂේත්‍රයට හරි ආදරෙයි. තාමත් මම මේ ක්ෂේත්‍රයට අලුත්. තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ හැමදේම ඉගෙනගෙන හොඳ ගමනක් යන්න ආසයි. විදෙස්ගත වෙන්නත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.
දිශානි ජයමාලි