හැමෝම කියන්නේ අපි ගැලපෙන ජෝඩුව කියලා - දිල්කි උරේෂා

 



දිල්කි උරේෂා කියන්නෙම වෙනස්ම ආකාරයේ ගීත වලින් කරලියට පැමිණි අයෙක්. ඒ වගේම පහුගිය දවස්වල දිල්කිගෙත් සංජය මුරමුදලිගෙත් යුගල ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණු අතර ඉන් පසුව නිකුත් වුණු ඇගේ ‘හඳපානේ’ ගීතයද යූටියුබ් අවකාශයේ ඉදිරියෙන්ම තිබෙන ගීයක් බවට පත්වුණා. 

සංජය එක්ක කරපු පින්තූර හින්දා ගොඩක් අය කතාබහකට ලක්කරල තිබුණ නේද?


ඔව්. අපි මියුසික් වීඩියෝවක් සඳහා කරපු කැම්පේන් එකක්. ගොඩක් පේජස් ඒ ගැන කතාබහකට ලක්කරලා තිබුණා වගේ බොහෝ අය අපි දෙන්නට විෂ් කරල තිබුණා. ඉතින් හඳපානේ ගීතය වෙනුවෙන් තමයි අපි ඒක කළේ. අපේ ටාගට් එක වුණෙත් ඒක තමයි.


හැමෝම කියල තිබුණා නේද සංජය ගැළපෙනම කෙනා කියලා?


ඇත්තටම ගොඩක් අයගෙ කමෙන්ට්වල ඒක තිබුණා. ඒක වෙන්නෙ අපේ මියුසික් වීඩියෝවට ගැළපෙනම කෙනා සංජය අයියා කියලා තීරණය කරලා තිබුණා. ඉතින් සංජය අයියයි මමයි කියන්නෙ හොඳ යාළුවන් දෙන්නෙක් කියලයි කියන්න තියෙන්නෙ. කොහොම වුණත් නිර්මාණය සාර්ථක කරගන්න ලැබීමම සතුටක්.


දැන් ආපහු සංගීත කටයුතු ඇරඹිලා තියෙනවා. දිල්කි වෙනස් වැඩ කරන්න කැමැතියි නේද?


ඔව්. දිල්කිව අඳුනගන්නෙ තේමා ගීත ගායනය තුළින්. මම කැමැතියි වෙනස් දේ කරන්න. එක එක රසයන්වලට ගී ගයන්න මම කල්පනා කළා. ගීතයෙන් මාව ක්ෂේත්‍රයේ ගොඩක් අය අඳුන ගන්නවා. ඒ රාමුවෙන් මිදෙන්න තමයි මම ලිය ලියා ගීතය කරන්නේ. හඳපානේ ගීතයත් ඊට වෙනස්ම ගීතයක් වේවි කියලා මම හිතනවා.


මුල් කාලෙ ඉඳන්ම දිල්කිගෙ ජීවිතයට අත්වැල සැපයුවේ අම්මා ගැන කිව්වොත්?


පුංචි කාලෙ ඉඳන්ම අම්මා තාත්තාගෙන් මට ලොකු හයියක් සහායක් තිබුණා. ගොඩක් තැන්වල මාව දරාගෙන ඉන්නෙ ඒගොල්ලො.




කාලාකාරිනියක් ලෙස ජීවිතයේ සංවේදී වුණු තැනුත් ඇති?


ඇත්තටම කලාව කරන අය ගොඩක් සංවේදියි. මාත් එහෙම අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. ඒ හැම දේ එක්කම තමයි කලා කටයුතු කරගෙන යන්නෙ.


රසික ආදරය වඩාත්ම දැනුණු අවස්ථාවක් ගැන මතක් කළොත්…


මම සින්දුවක් කළත් හැම තිස්සෙම ප්‍රතිචාර දක්වන අය නම් ගොඩක් ඉන්නවා. ඒ අය තමයි මගේ එකම සතුට. අද මම මෙතැන ඉන්නෙ රසිකයන් නිසා ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


හඳපානේ ගීතය හැදෙන්නේ කොහොමද?


ලසිත අයියා තමයි මේ ගීතය රචනා කළේ. දිල්ෂාන් අයියා මෙලඩි කළා. වීඩියෝව කළේ චාරුක අයියා. වීඩියෝ එක කරද්දි චතුර අයියා සංජය මතක් කරන්නම ඕන. ඒ වගේම ගොඩක් අය මේ වැඩේට උදව් කළා.


නදීෂ නිර්මාණ






Previous Post Next Post