මේ දිනවල 'නීල පබළු', 'ඇය' වැනි ටෙලි නිර්මාණ ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව සිටින නයෝමි තක්ෂිලා අද එක් වන්නේ ඇගේ කලා කටයුතු ගැන කියන්න නම් නොවෙයි. ඇය ඇගේ රූ රහස් ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.
මුහුණට කඩල හා පරිප්පු
මේ දිනවල මම ටිකක් කර්යබහුලයි. එනිසාම රූපය රැක ගන්න කියල කැප වෙන්න වෙලාව අඩුයි. නමුත් ඒ අතහැරෙන්නේ අපි සිතිය යුතුම දෙයක්. මම නිවසේ රැඳෙන වෙලාවට නම් කඩල ඇට පෙඟෙන්න දාලා බ්ලෙන්ඩ් කරලා මූණේ ගානවා. ඒකට කිසිම දෙයක් කවලම් කරන්නේ නැහැ. පරිප්පු පෙඟෙන්න දාලා බ්ලෙන්ඩ් කරලා මූණේ ගානවා. බොහෝ දෙනෙක් මේ වගේ පැක් වලට කහ, කෝමාරිකා වැනි දේවල් එකතු කරගත්තත් මට කහ සහ කෝමාරිකා ආලේප කරන්න බැහ කුරුලෑ එන නිසා. එකම දේ හැමෝටම හරි යන්නේ නැහැයි කියනවනේ. නමුත් කෝමාරිකා ආලේප කරන්නේ නැති වුණාට කෑමට ගන්නවා. ඉඳලා හිටලා අවුවේ ෂූටින් කරන්න වුණොත් කෝමාරිකා පොඩි කෑල්ලකින් මූෙණ් ගාලා සෝදගන්නවා. මම අයිස් කැටවලින් මුහුණ තවන්නත් අයිස් වතුර වලින් මුහුණ සේදීමත් සමට ගොඩක් හොඳ පිළියමක්.
කොණ්ඩෙට ගාන්නේ ගෙදර හදපු තෙල්
මගේ අම්මා තමයි මට වඩා මගේ රූපය ගැන නිතරම හිතන්නේ. මම ෂූටිං අවසන් කරලා ගෙදර යනකොට අම්මා මට තෙල් එකක් හදලා තියනවා. සුදු පොල්තෙල්වලට උළුහාල්, රතුලූනු, සුදුලූනු, මුගුණුවැන්න කොළ දාලා හදපු කොළ පාට තෙල් එකක්. ඉතින් අම්මා හදලා දෙන ඒ තෙල් එක තමයි මම කොණ්ඩෙට ගාන්නේ.
ඇස් වටා අඳුරු වෙද්දී තේ කොළ තමයි මගේ සත්කාරය
මම අවුවේ ඉන්න සීමාව සහ මහන්සි වෙනවා ගොඩක් වැඩියි. එහෙම වෙලාවට ඇස්වලට විනාඩි පහළොවක් විස්සක් විතර තේ කොළ තියාගත්තම ඒකේ හොඳ සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඊට අමතරව පිපිඤ්ඤා හොඳ සත්කාරයක්.
ගොඩක් කැමති ගමේ කෑමවලට
මම ගොඩක් මහත කෙනෙක් නෙමෙයි. ඒ නිසා විශේෂ ආහාර පාලනයක් නැහැ. නමුත් මහත් වෙනවා කියලා දැනුණොත් කෑම අඩු කරනවා. ගෙදර ඉන්න දවස්වලට නම් එළවළු තම්බලා කනවා. පොල් එක්ක වට්ටක්කා තම්බලා කන්න හරිම ආසයි. මුං ඇට, කවුපි වැනි ධාන්‍ය වර්ග අනිවාර්යයෙන්ම කනවා. ඔක්කොටම වඩා කොස්, පොළොස් තම්බලා කන්නත් හරිම ආසයි.
කැමතිම පලතුර අලිගැටපේර
මම කැමතිම පලතුරු පානය අලිගැටපේර. ඒ නිසාම නිතරම වගේ හදා ගෙන බොනවා. කොළ කැඳවලටත් මම ගොඩක් ආසයි. මට පුළුවන් වෙලාවට බෙලි මල් තැම්බූ වතුර පානය කරනවා. හමේ තෙතමනයට බෙලි මල් පානය ගොඩක් හොඳයි. උදේ නැඟිට්ට ගමන් වතුර පානය යහපත් පුරුද්දක් වුණත් මට නම් නැඟිට්ට ගමන් වතුර බොන්න නම් තරමක් අපහසුයි. නමුත් දිනකට වතුර ලීටර් තුනක් පානය කරනවා.
කොරොනා නිසා ජිම් යන එක නතර කළා
කොරොනා නිසා ජිම් නොගියත් ගෙදරදී ව්‍යායාම් කරන්න අවශ්‍ය උපකරණ මිලදී ගෙන ව්‍යායාම් වල නිරත වෙනවා. හැබැයි කොරොනා ඉවර වුණහම නැවත ජිම් එකකට යන්නයි බලාපොරොත්තුව.