සෝරත පොඩි සාදු ‘සිඳූ’ නාට්‍යයෙන් අයින් වෙයිද?




දේශීය – විදේශීය අංක එකේ ජනප්‍රිය ටෙලිනාට්‍ය ලෙසට ‘සිඳූ’ ටෙලිනාට්‍ය තවමත් ඉහළ ප්‍රතිචාර අත්විඳින මොහොතක ඒ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය ළමා චරිත ලෙසට සිඳූ, චුට්ටේ, සෝරත පොඩි සාදු අපට හඳුන්වන්නට පුළුවන්. මේ වන විට ‘සිඳූ’ සහ ‘චුට්ටේ’ ‘සිඳූ’ ටෙලිනාට්‍යයෙන් ඉවත්වී ඇති අතර. සෝරත පොඩිසාදුත්, ඉවත් වෙයිද කියලා ඔබ හිතනවා ඇති. ඉතින් ඔබේ ඒ සිතුවිල්ලට පිළිතුරක් ගෙන ඒමට සෝරත චරිතය නිරූපණය කරන කවිෂ් විහඟ අලුත් විස්තර ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.


 අපි කැමැතියි කවිෂ් පුතාගෙන් දැනගන්න ‘සෝරත පොඩිසාදු’ වීමට වාසනාව ලැබුණු හැටි?

මම ‘දෙරණ’ ගුවන්විදුලියේ පුංචි තරුත් එක්ක වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. මට අවුරුදු තුනේදි විතර තමයි මම ඒ ළමා වැඩසටහනට සම්බන්ධ වුණේ. ‘දෙරණ’ රූපවාහිනි නාලිකාවේ විධායක අධ්‍යක්‍ෂ ලක්සිරි වික්‍රමගේ සර් කිව්වා මෙහෙම ටෙලිනාට්‍යයක් පටන්ගන්නවා එයට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඔය විදියට තමයි මම සෝරත පොඩිසාදු වුණේ ‘සිඳූ’ ටෙලිනාට්‍ය හරහා.


 එක රැයකින් මුළු ලෝකයටම එළිය දුන්න පුංචි තරුව වීමේ වාසනාව ලැබීම ගැන මොකද හිතෙන්නේ?

මම ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ රඟපාන කොට එක වසරේ ඉගෙන ගන්නවා. මම දැන් හය වසරේ අවුරුදු පහක්ම එකම ටෙලිනාට්‍යයක පුංචි තරුවක් විදියට ඒ ආදරය අදටත් බුක්ති විඳිනවා. මගේ පෙර පින් වාසනාවක් තියෙන්න ඇති මේ තරම් ආදරයක් ලැබෙන්න තරම් දෙනෝදාහකින්.


ඔබත් සමග එකට රඟපෑ ‘සිඳූ’ චුට්ටේ අද වන විට ‘සිඳූ’ ටෙලිනාට්‍යයෙන් ඉවත්වෙලා නේද?

සමහරු කියනවා මමත් ඉවත් වෙයි කියලා. මම ඉවත් වෙන්නේ නැහැ. ‘සිඳූ’ ටෙලිනාට්‍ය තියෙන තාක්කල් මම රඟපානවා. මොකද මාව මේ කලාවට ගෙනාවේ ‘දෙරණ’ රූපවාහිනිී නාලිකාව. අනෙක මට එහෙම ඉවත් වීමට හේතුවක් නැහැ.


 සිඳූ, චුට්ටේ ඉවත් වීම දුක නැද්ද?

ගොඩාක් දුකයි. මම කැමැති එයාල සමග තවත් ඉදිරියට වැඩ කරන්න. මොකද අපි හරිම විනෝදයෙන් තමයි ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ වැඩ කළේ. ඒත් දැන්නම් ඉතින් පාළුයි. ඒ අයියලගේ අධ්‍යාපන කටයුතු සඳහා තමයි නාට්‍යයෙන් ඉවත් වෙලා තියෙන්නේ. මොකද කොරෝනා ප්‍රශ්නෙත් එක්ක පාසල් වැඩකටයුතු අතපසු වුණානේ.


 පුතාට තිබෙන ජනප්‍රියතාවයත් එක්ක අනෙකුත් නිර්මාණවලට සම්බන්ධ වීමට බැරිද?

මට නිර්මාණවලින් ආරාධනා ලැබුණා. ඒත් ‘සිඳූ’ ටෙලිනාට්‍ය ඉවර වෙනකම් වෙන ටෙලිනාට්‍ය සඳහා යොමුවීමට අදහසක් නැහැ. ‘දෙරණ’ රූපවාහිනියේ නිර්මාණයකට ඇරෙන්න ‘සිඳූ’ ඉවර වුණාට පස්සේ හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.


වසන්ත විතාරණගේ



 




Previous Post Next Post