ස්වර්ණවාහිනි රූපවාහිනි නාලිකාවේ දිගහැරෙන “නාඩගම්කාරයෝ’ ටෙලි නාට්යතයේ “සුද්දා’ ලෙස මේ දිනවල ඔබ අතර වඩාත් ජනප්‍රිය විරාජ් ධනුෂ දක්ෂ, තරුණ රංගන ශිල්පියෙකි. දැනට විකාශය වෙන ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකම දකින ඔහු කලාවට නවකයෙක්ද නොවෙයි. ඉතිං ඔහුගේ කලා කටයුතු ගැන විස්තර පුවත්පතකට මෙලෙස කියා තිබුනා.
විරාජ්ව අපිට අඳුන්වලා දෙන්න?
විරාජ් කියන්නේ අනුරාධපුරයේ විලජ කියන ගමේ හැදුණ ගමේ කොල්ලෙක්. දැන්නම් මිනිස්සු මාව නළුවෙක් විදිහට නිතරම වගේ දකිනවා. නළුවෙක් කියන්නේ තාම ඉතින් මම මහා ලොකු නළුවෙක් නොවෙයි. හැබැයි අනාගතයේදී සුපිරි නළුවෙක් වෙන්න හීනයක් මට තියෙනවා.
ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කෙහොමද?
මුලින්ම මම කලාව පටන් ගන්නේ මගේ ගෙදරින්. මිනිස්සු මාව නළුවෙක් විදිහට මුලින්ම දකින තැනට එන්නේ “ එලේවල්’ චිත්‍රපටය හරහා. ‘ එලේවල් කියන්නේ මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි. ඒ තැනින් පටන්ගත්ත ගමන අද ප්‍රේක්ෂකයන්ගේ ආදරය හා අවධානය දිනාගන්න පුළුවන් තැනට මම ඇවිල්ලා තියෙන්නේ. “
එලේවල් චිත්‍රපටයෙන් පස්සේ ‘අමුතු රසිකයා, ‘ත්‍රෛයිලෝක'. ඊට පස්සේ ‘අහස් මාලිගා. මේ දිනවල අංක එකට පැමිණ තිබෙන නාඩගම්කාරයෝ ටෙලි නායකය ‘සුද්දා’ විදිහට මාව දකින්න පුළුවන්. තව මම රංගනයෙන් දායක වුණ තවත් ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියට විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා.
සිවුවසරක කාලයක් තිස්සේ ඔබ කලා ක්ෂ්‍රේත්‍රය තුළ කටයුතු කරනවා. තරුණ රංගන ශිල්පියෙක් විදිහට ක්ෂ්‍රේත්‍රය ගැන ගැන මොකද හිතන්නේ?
‘ඒල්ලෙල්’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ මීට වසර හතරකට පෙර. ඊට පස්සේ මම කලාවෙන් තාවකාලිව ඉවත් වෙනවා මගේ අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කිරිමේ අරමුණින්. නැවතත් මම වසර දෙකකින් පසුව රංගනයට යොමු වෙනවා. ඒ වසර දෙක තුළ තමයි මම නළුවෙක් විදිහට මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් අත්දැකීමක් ලබාගන්නේ. කවුරුහරි කෙනෙක් සතුටු කරන්න පුළුවන් චරිතයක් වෙන්න නළුවා කියන කැල්ල තුළ පුළුවන් කියන දේ මම ඉගෙන ගත්තේ මේ කාලය තුළදි. ඇත්තටම අද මම ගොඩක් සතුටු වෙනවා මිනිස්සු ආදරය කරන යොවුන් රංගන ශිල්පියෙකු වීම ගැන.
විරාජ්ව දැන් මිනිස්සු අඳුනනවාද?
ඔව්, මාව දන්න පිරිසක් ඉන්නවා. මම ඒ දන්න පිරිස ඇතුළේ දන්න කෙනෙක් විදිහට මාව දකිනවා. මාව තවමත් නොදන්න පිරිසකුත් ඉන්නවා. ඒ නොදන්න පිරිස අතරටත් විරාජ් කියන නම ගෙනියන්න උත්සාහ කරනවා හොඳ චරිතයක් හරහා. අද මාව දන්න පිරිස ගොඩක් වැඩියි කියලා මට හිතෙනවා ලැබෙන රනතිචාරත් එක්ක. දන්න අය මාව දැකලා කතා කරනවා. ඒ සතුට මම කිසිමදාක බලාපොරොත්තු නොවු එකක්. මම ඒ සතුට අද නිහතමානිව භුක්ති විඳිනවා.
රඟපාද්දි අමාරුවේ වැටුණ අවස්ථා එහෙම විරාජ්ට නැද්ද?
ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මගේ පළමු චිත්‍රපටය වගේම පළමු රංගනය. මම දෙබස් කියන්න ගිහින් අමාරුවේ වැටුණ අවස්ථා අනන්තයි. මට මතකයි ‘ ඒලේවල් චිත්‍රපටයේ එක්තරා දර්ශනයක් දහපාරකට වඩා ගන්න සිද්ධ වුණා මට දෙබස් කියන්න බැරිව. මගේ පළමු රංගනය නිසා ඇත්තටම ගොඩක් බයෙන් හා චකිතයෙන් තමයි මම ඒ දර්ශනවලට පෙනී හිටියේ. අනික අධ්‍යක්ෂකවරයාටත් ඕනා ඒ දර්ශනය හොඳටම කරන්න. ඒක මට අමතක වෙන්නේ නැහැ කවමදාවත්. ඊට අමතරව මේ දිනවල විකාශය වෙන ‘නාඩගම්කාරයෝ" ටෙලි නායේ හැම දර්ශනයක් වගේම අමතක නොවන සිදුවීම් තියෙනවා.