මට පාට්නර් කෙනෙක් ඉන්නවා නම් ඒක හරියට ස්ථිර වෙනකම් මාධ්‍යයට කියන්න කැමති නැහැ - ජනිත් වික‍්‍රමගේ

 


වෙඩින් එක කිව්වේ නැහැ කියලා ගොඩක් දෙනෙක් තරහ වුණා පුංචි තිරයට පෙම්වතා වගේම ද`ගකාර” චණ්ඩි චරිත වලින් දැක ගන්න ලැබෙන ඔහු ගේ වීඩියෝවක් ගැන මේ දිනවල සමාජ මාධ්‍යයේ කතා බහට ලක්වෙනවා.  මේ කතාබහට මේ දිනවල ජනප‍්‍රිය කා අතරත් කතාබහට ලක්වෙන රංගන ශිල්පිණියක ගේ නමත් ගෑවිලා. නාඩගම්කාරයෝ ජානු නැතිනම් මධුෂානි පෙරේරා එක්ක තමයි ඔහුගේ විවාහය සිද්ධවෙලා තියෙනවා කියන්නේ. ප‍්‍රවීණ නළු නිළි යුවලක් වන ආනන්ද වික‍්‍රමගේ සහ මානෙල් වානගුරුගේ පුත් ජනප‍්‍රිය නළු ජනිත් වික‍්‍රමගේ කාටත් හොරෙන්ම විවාහ වෙලාද?ඉතිං ඔහු මේ ගැන පුවත්පතකට අදහස් දක්වා තිබෙනවා.


 ජනිත් හොරෙන්ම කසාද බැන්දා කියලා කියන්නේ?

 

ඇත්තටම මේක ඇවිල්ලා ෆොටෝ ෂූට් එකක්. ඒකේ දාලත් තියෙනවා ෆොටෝ ෂූට් එකක් කියලා. අපි මේක සැලසුම් කළේ වැලන්ටයින් දවසේ එළි දක්වන්න. මම සාමාන්‍යයෙන් වෙඩින් ෂූට් වලට හරි කම්මැලියි. මොකද ඒකට ලොකු කාලයක් ගන්නවානේ. කොහොමත් මම වෙඩින් ෂූට් කරනවා හොරයි. මම දන්න ආයතනයක් තමයි වී ක‍්‍රියේෂන්ස් ආයතනය. ඒකේ ෆොටෝ ග‍්‍රැෆික් කරන මල්ලි මම හොඳට අඳුරනවා. ඉතිං ඔවුන්ට කරන උදව්වක් විදිහට තමයි මම මේක කළේ. අපි හිතුවේ නැති විදිහට වැඬේ වයිරල් වෙලා ගියා.


 


 ජානු කසාද බැන්ද ද කියලා ගොඩක් දෙනෙක් කෝල් කරලා ඇහැව්වා නේද?

 

 ඔව්. ඔව්. ඇත්තටම මේක පත්තරවලින් කතා කරන මට්ටම දක්වා ආවා. තවත් පත්තර දෙක තුනකින් කතා කරලා මේ ගැන ඇහැව්වා. මටත් කෝල්” මැසේජ් ගොඩක් ආවා. ඇත්තටම කසාද බැන්ද කියල හිතලා හැමෝම විෂ් කරලා දාලත් තිබුණා. මේක ෆොටෝෂූට් එකක් කියලා දාලා තියෙද්දීත් ගොඩක් දෙනෙක් විෂ් කරලා තිබුණා.


 

මේ වැඩේ හින්දා ජනිත්ගේ යාළුවෝ කිහිපදෙනෙක් තරහත් වුණාලූ නේද?

 

වෙඩින් එක කිව්වේ නැහැ කියලා ගොඩක් දෙනෙක් තරහත් වුණා. සාමාන්‍යයෙන් වෙඩින් ෂූට් එකක් දැම්මහම සාමාන්‍ය ජනතාව රැුවටෙන එක සාමාන්‍ය දෙයක් නේ. ඒක වෙනම කතන්දරයක්. හැබැයි අපේ ක්‍ෂේත‍්‍රයේ අය මේ යකා මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා දෙපාරක් හිතනවානේ. ෂූට් එකක්ද? වෙඩින් එකක්ද? කියලා හොයලා බලනවානේ. මමත් දැක්කා ක්‍ෂේත‍්‍රයේ අයත් විෂ් කරලා දාලා තියෙනවා. තවත් සමහරු කෝල් කරලා මොකක්ද මේ කේස් එක කියලත් අහල තියෙනවා. ඒ තරමට වැඬේ සීරියස්ව ගිහිල්ලා තියෙනවා.


 

 මේ ඉන්නේ  පෙම්වතියද?

 

 අනේ නැහැ නැහැ. ඔය ඉන්නේ මධුෂානි පෙරේරා කියන නවක නිළියක්. මේ දවස්වල විකාශනය වන ජනප‍්‍රිය නාට්‍යයක් වන නාඩගම්කාරයෝ ජානු ලෙසින් ර`ගන්නේ ඇය. ඇත්තටම ඇය ර`ගපාන චරිතයේ නම පවා දැනගත්තේ මුහුණු පොතේ පළ වුණ කමෙන්ට් වලින්. ඒ ළමයත් එක්ක මගේ එහෙම සම්බන්ධතාවයක් නැහැ.


 

අපි මේ වැඬේ කරන්න හිටියේ විදේශීය තරුණියක් යොදාගෙන. හැබැයි මේ දවස්වල කොරෝනා ප‍්‍රශ්නයත් එක්ක හොයාගන්න බැරි තත්ත්වයක් උදා වුණා. විදේශීය කාන්තාවක් වුණත් පොඩි ළපටි සුන්දර කාත්තාවන් වෙන්න එපායැ. ඒ ස්වරූපය තියෙන කෙනෙක් හොයා ගන්න එක අමාරු වැඩක් වුණා. මේ වැඩෙත් එක්ක ඉතිං ඔවුන් මට අදහසක් දීලා තිබුණා. මගේ අකමැත්තක් තිබුණේ නැහැ මධුෂානි එක්ක වැඩ කරන්න. ඊට පස්සේ තමයි වැඬේ කරමු කියලා කිව්වේ.


 

 හැබෑවටම කසාද බඳින්නේ කවදාද?

 

 තවම දවසක් නැහැ. ප්ලෑන් එකක් නැහැ. මට හැම තිස්සේම කියන්න තියෙන දේ තමයි අදත් කියන්න තියෙන්නේ. අපි වෙලාවල් දාගෙන අහවල් කාලයේ කසාද බඳිනවා” අහවල් කාලයේ ළමයි හදනවා කියලා සැලසුම් නැහැ. කොහොමත් වයසත් එක්ක මගේ ලයිෆ් එකේ ප්ලෑන් නැහැ. මම හැමතිස්සේම හිතන්නේ අපි හරියට ජීවත් වෙනවා නම් අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට සිද්ධ වේවි කියලා. ලෝකෙට පෙනෙන්න කසාද බැඳලා එක ගෙයක් ඇතුලේ ජීවත්වෙන එක නෙමෙයි වැඬේ. සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් කොයිතරම් දුරට කැප කිරීම් කරන්න පුළුවන්ද කියන එකයි වැදගත්. නළුවෝ විදිහට අපේ ජීවිතවලත් ටාගට් තියෙනවානේ.

 

හොරෙන්ම ආදරය විදිනවාද?

 

 ඒකත් මම හංගන්නේ නැතිව එළියට දායි. මට පාට්නර් කෙනෙක් ඉන්නවා නම් ඒක හරියට ස්ථිර වෙනකම් මාධ්‍යයට කියන්න කැමති නැහැ. ඒක ලොකුකමක් නෙමෙයි. මොකක් හරි දෙයක් වෙලා ඒක කැඩිලා ගියොත් ඒක තමන්ගේ සහකාරියට ලොකුවට බලපානවා. මේ ක්‍ෂේත‍්‍රයේ ඔය වගේ දේවල් ඕනෑ තරම් වෙලා තියෙනවා. ඒවා නාලිකා සහ මාධ්‍ය ඒ දේවල් ගැන හිතන්නේ නැතිව තමන්ගේ දේවල් අලෙවි කරගැනීම උදෙසා ඕනෑම දෙයක් ප‍්‍රචාරය කරන අවස්ථා තියෙනවා. ඒක ගැහැණු ළමයාට විශේෂයෙන්ම බලපානවා. ඒක හොඳ නැති දෙයක්. මගේ මොකක් හරි දෙයක් හරියට ස්ථිර වුණොත් මාධ්‍යයට කියනවා. මගේ ළ`ග හැංගි හොරා වැඩ නැහැ.


 

 මනමාලයාට ඇන්දහම මොකද හිතුණේ?

 

 මනමාලයාට ඇන්දේ නැහැ. දෙවැනි මනමාලයාට නම් කිහිප අවස්ථාවක්ම ඇඳලා තියෙනවා. පස්සේ පස්සේ ආපු යෝජනාවලට මම කිව්වේ අනේ ආයෙ නම් දෙවැනි මනමාලයාට අඳින්න ඕනේ නැහැ කියලා. මොකද දැන් පොඞ්ඩක් වයසත් වැඩියි දෙවැනි මනමාලයාට අඳින්න. අනික එහෙම ඇන්දහමත් කට්ටිය අහනවා කවදාද උඹ කසාද බඳින්නේ කියලා. මනමාලයාට අඳිනවා කියන්නේ අමුතු ෆීල් එකක්.


 

 රගපෑම් වැඩකටයුතු එහෙම මොහොමද?

 

 සුරංගද අල්විස් ගේ ‘‘ද ගේට්.. චිත‍්‍රපටයේ වැඩකටයුතු එක්ක තමයි ඉන්නේ. අප්‍රේල් 21 වැනිදා තිරගත කරන්නයි සූදානමින් ඉන්නේ.

 

 වැඩිය ටෙලිනාට්‍යවල දකින්න නැහැනේ?

 

 ඕක තමයි කතන්දරය. චිත‍්‍රපටවලට වැඩ කරන්න අපි වෙනස් ස්වරූපයක් ගන්නකොට ඒ අතරේ ටෙලි නාට්‍යයක් භාරගත්තොත් ඒකේ ස්වරූපය හැම තිස්සේම වෙනස් වෙනවානේ. මම අන්තිමට සම්බන්ධ වුණේ නීල පබළු ටෙලිනාට්‍යයට. ඒකෙන් මට ඈත් වෙන්න වුණෙත් ඔය හේතු උඩ. ටෙලි නාට්‍යවලින් ඈත්වෙලාම නැහැ. හොඳ වැඩක් ලැබුණොත් භාරගන්නවා.






Previous Post Next Post