පුංචි මල් වැටිච්ච ගවුම් පොඩියක් ඇඳගෙන මුදුමුදු කොණ්ඩය දෙපැත්තට වන වනා පුංචි බච්චි පැටියෙක් වගේ රඟපාන 'සකු අපේ ජීවිතයට කොච්චර සමීප වුණාද කියනවා නම් තාමත් ඒ චරිතය හරිම සජීවියි. ඒ පුංචි තරු කැටය සහේලි සදිත්මා සතරසිංහ ඇයගේ කලා කටයුතු ගැන වගේම අලුත් තොරතුරු ගැනත් මෙලෙස කියා තිබුනා.
කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?
මුලින්ම මං රඟපාන්නේ වෙළෙඳ දැන්වීම්වල. ඒවායෙහි මගේ රංගනය දැකලා සුජාතා නාට්‍යයට මාව තෝරා ගත්තේ.
මේ වෙනකොට රංගනයෙන් දායක වුණු නිර්මාණ මොනවද?
මුලින්ම රඟපෑවේ සුජාතා නාට්‍යයේ සුජාතාට. ඉන්පසුව සාරා නාට්‍යයෙහි සාරාගේ චරිතය රඟපෑවා. ඒ අතරතුර බන්ධනය චිත්‍රපටයෙහි සුමනාගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. දේදුනු ආකාසේ චිත්‍රපටයේ සයුරිගේ චරිතයටත්, සකූගේ කතාව ටෙලි නාට්‍යයේ සකුගේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා.
ඉදිරියටත් රංගන ආරාධනා ලැබිලා තියෙනවද?
ඔව්. ප්‍රියන්ත කොළඹගේ මාමාගේ මන්දාරම් කියන චිත්‍රපටයේ මං රඟපෑවා. ඒක ඉදිරියේදී තිරගත වේවි.
ඔබ කිහිප වරක්ම සම්මානයට පාත්‍ර වුණා නේද?
ඔව්. සාරා ටෙලි නාට්‍යයට හොඳම ළමා තාරකාවට හිමි සුමති සම්මානයට ලැබුණා. රයිගම් සම්මාන උළෙලේදී කුසලතා සම්මානයකුත් එයට ලැබුණා. බන්ධනය චිත්‍රපටයට රයිගම් සහ සිග්නීස් සම්මානයක් හිමි වුණා.
රූගත කිරීම් නිසා පාසලේ වැඩකටයුතු අතපසු වුණේ නැද්ද?
ගොඩක් වෙලාවට මං රඟපාපු ටෙලි නාට්‍යවල, චිත්‍රපටවල රූගත කිරීම් කළේ සෙනසුරාදා, ඉරිදා දවස්වල. නමුත් ඉතින් පාසල් වැඩකටයුතු අතපසු වුණු අවස්ථාත් තිබුණා. යාළුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණු නිසා ඒ වැඩකටයුතු සම්පුර්ණ කර ගැනීමට හැකිවුණා.
චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණාම පිටපත කියනවාද?
ඔව්. පිටපතක් ලැබුණාම ඒක අමයි - තාත්තයි කියවලා හොදයි නම් මට රඟපාන්න අවස්ථාව ලබා දෙනවා. පාසලේ වැඩ අතපසු නොවෙන්න වගේම නංගියි, මල්ලියි ඉන්න නිසා මාත් සමඟ රූගත කිරීම්වලට යෑමට පහසු පරිදි නිර්මාණ කටයුතු තෝරා ගන්නවා.
රංගන කටයුතුවලට පාසලෙන් ලැබෙන්නේ කොයි වගේ සහයෝගයක්ද?
මගේ පාසල කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය. එහි විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
පවුලේ විස්තර කොහොමද?
මගේ තාත්තා වසන්ත සමරසිංහ, අම්මා ඉවානි කළුආරච්චි. තාත්තා කොළඹ රාජකීය විදුහලේ ක්‍රිකට් පුහුණුකරු වශයෙන් වැඩ කරනවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි, ආච්චියි, සීයයි.
සල්ලි ලොකු වුණාමත් රඟපාන්න හිතාගෙන ඉන්නවද?
තවම එහෙම හිතලා නැහැ. ඒත් ඉදිරියේදිත් රඟපාන්න ගොඩක් කැමැතියි. හොඳට ඉගෙන ගෙන හොඳ පුරවැසියෙක් වෙන්නයි මගේ එකම බලාපොරොත්තුව.
රඟපානකොට වගේ සැබෑ ජීවිතයේදීත් සහේලි දඟමල්ලක්ද?
නැහැ. මම වැඩිය කතා කරන්නේ නැති, දහත් නැති පාඩුවේ ඉන්න කෙනෙක් කියලයි ගොඩක් අය කියන්නේ. ඒ නිසා මම රඟපානවා කියලා හිතන්නත් බැහැ කියලත් එයාලා කියනවා.