අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට මෙරට වගුරු බිම් දෙක්ක ගොඩකරලා

මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ වගුරුබිම්  දෙකක් පාතාල කල්ලියක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන විකිණීම සඳහා ගොඩකරමින් සිටියදී කැලණිය කොට්ඨාස හා අපරාධ විමර්ශන අංශය පොලිස් කණ්ඩායමක් විසින් එම ස්ථානය වටලා වගුරුබිම යළි අත්පත්කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි ඊයේ (02) පැවසීය.

පාතාල නායකයකු බවට සැලෙන අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලබාලයන් බව කියන පිරිසක් විසින් මෙම වගුරුබිම් දෙක ගොඩකරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත බස්නාහිර පළාත උතුරු කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ අංගොඩ ප්‍රදේශයට ගොස් මෙම වැටලීම කර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාව එනවිට අංගොඩ ප්‍රදේශයේ එක් වගුරු බිම් ප්‍රදේශයක් අක්කර 3 1/2ක පමණ ප්‍රමාණයක්ද එම ප්‍රදේශයේ තවත් වගුරුබිමක් අක්කර 3ක පමණ ප්‍රමාණයද ගොඩකර තිබිණි යැයි පොලිසිය කියයි. වගුරු බිම් දෙක ගොඩකිරීම සඳහා යොදාගත් බව කියන විශාල ප්‍රමාණයේ යන්ත්‍ර දෙකක්ද පොලිස් බාරයට ගෙන තිබේ. පොලිස් කණ්ඩායම වැටලීම සිදුකරන  අවස්ථාවේ එම පාතාල සාමාජිකයන් බව කියන පිරිස එම ස්ථානවල නොසිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්‍ෂණ  පවත්වාගෙන යන බවද එම නිලධාරියා කීය.

පාතාල ලෝකයේ නායකයකු බව කියන අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවට පළාගොස් වසර කිපයක සිට එම රටේ වෙසෙන අතර ඔහු එරටේ සිට සිය පාතාල සාමාජිකයන් යොදවා වගුරු බිම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඒවා ගොඩකරන බවට තොරතුරු හෙළිවී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. මෙසේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන ගොඩකරන වගුරු බිම් පාතාල පිරිස් විසින්ම කොටස්කර පතාල පිරිස් විසින්ම විකිණුන බවටද තොරතුරුද පොලිසියට ලැබී අති බව පැවසේ. වගුරුබිම් ගොඩකිරිම හේතුවෙන් වර්තමා කලවලදී වතුර බැසයාම නිසි පරිදි සිදුනොවන බැවින් එම ප‍්‍රදේශ ගංවතුරට යටවන බව පොලිසියට පෙනීගොස් ඇතැයි කියති.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-
Previous Post Next Post