මහ බැංකුවේ නම විකුණා මුදල් ගරන ජාවාරමක්


ශ්‍රි ලංකා මහ බැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විදයුත් තැපැල් පණිවිඩ හුවමාරු කිරීමේ උත්සාහයක්  සම්බන්ධයෙන් වාරිතා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. 'නෝටිස් ෆ්රොම් සෙන්ට්‍රල්

බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඊ.පී.එෆ්.'
යන නාමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව ලෙස ව්‍යාජ  නාමයකින්  පෙනී සිට මෙරට මුල්‍ය ආයතන ඉලක්ක කරගනිමින්  මෙම වංචනික  විද්යුත් තැපැල් හුමවාරුව සිදු වන බව මහබැංකුව ඒ පිළිබඳව නිකුත්  කළ නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල්  දෙපාර්තමේන්තුව විසින් කිසිදු ආකාරයකින් එවැනි  දැනුම් දීමක්  කර නොමැති බවත් අදාළ විද්‍යුත් පණිවිඩය හෝ ඊට අදාළ  අන්තර්ජාල දැනුම්දීම් ක්‍රියාත්මක නොකරන ලෙසත් ශ්‍රී ලංකා මහබැංකුව එම  නිවේදනය ඔස්සේ වැඩිදුරටත් කියා සිටී.

-දිනුක මලින්ද හේරත්-
Previous Post Next Post