රතන හිමිගේ වැඩේට ගියා තමයි- එත් මං යූඑන්පීයෙන් ගියේ නෑ - වසන්ත


අද (2) රාජගිරියේ
අතුරලියේ

රතන හිමි පවත්වනු ලැබූ ඉසව්වක් සඳහා තමා පෙනී සිටි නමුත් තමා යලි
එජාපයෙන් සන්ධාන පිලට හැරී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වසන්ත සේනානායක මන්ත්‍රීවරයා අද සවස අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවකට එක්වී පැවසුවේය.
එම උත්සවයට එජාපයේ අයටද ආරාධනය කර තිබූ නමුත් ගොස් සිටියේ තමා පමණක් වීම නිසා මෙම අවුල හටගත් බව කියා සිටියේය.
එසේම බැසිල් ගම්මංපිල ආදීන් හමුවීම තම ක්ෂේත්‍රයේ අය උත්සවයකදී හමුවන සාමාන්‍ය පිලිවෙතට හමුවුනා මිස ඔවුන් සමග එකතුවීමකට නොගිය බව වසන්ත සේනානායක කියා සිටියේය.
Previous Post Next Post