රතන හිමිගෙ වැඩසටහනේදී වසන්ත සේනානායක යලි බැසිල් ගම්මා සමග


එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කැඳවූ ජාතික සභාවේ සමුළුව අද (02) පෙරවරුවේ
රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේදී පැවැත්වුණ අතර එහිදී එජාපය හා සන්ධානය එක්වී රට ගොඩනගන ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමේ වැඩපිලිවෙලක් දියත්කිරීම අරමුණ කරගෙන තිබේ.
රතන හිමියන් පසුගියදා පාර්ලමේන්තුව අමතා

ප්‍රකාශ කලේ ඉදිරියේදී මෙම පක්ෂ දෙක එකතුවී ආණ්ඩුවක් සැදිය යුතු බවයි.
මේ සඳහා අද පැමිණ සිටියේ මහින්ද රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන , උදය ගම්මන්පිල හා බැසිල් රාජපක්ෂ යන අයයි මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ද මෙයට එක්වසිටි අතර  බැසිල් හා ගම්මංපිල සමග ඔහු සංකීර්ණ සාකච්ඡාවක නිරතවනු හඳුනාගන්නට ලැබුණි.


Previous Post Next Post