නීතිපතිගේ නඩු ගොනු පැහැර ගැනීමේ සැකයක් නිසා එස්ටීඑෆ් ආරක්ෂාව


පසුගිය සමයේදී විමර්ශන අවසන් කළ නඩු  ලිපි ලේඛන සහ උද්ධෘත පැහැර ගැනීම සඳහා කිසියම් පිරිසක් මැර කණ්ඩායම් යොදවා උත්සාහ දරන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් නීතිපතිවරයා විසින්
පොලිස්පතිවරයා වෙත ලිඛිත

ඉල්ලීමක් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවට විශේෂ ආරක්ෂාවක් ඉල්ලා තිබුණි.
ඒ අනුව පොලිස්පති වරයා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව නීතිපති දෙපාර්තමේන්තුවටත් නීතිපතිවරයාටත් ලබාදී ිතබේ.
නඩු විභාග සඳහා සහභාගි වූ රජයේ නීතිඥවරුන්ට මේ වනවිට මරණ තර්ජන එල්ල වී තිබෙන බවද මේ අතර වාර්තා විය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්  නීතිපති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට පෙරේදා(02) පස්වරුවේ සිට  නීතිපති දෙපාර්තමේන්තුවට ආරක්ෂාව යොදවනු ලැබූ බව දන්වා තිබේ.
Previous Post Next Post