ඡන්දෙ දිනුවොත් ජනපති සමඟ ඉදිරි අවුරුද්දත් වැඩ කරන බව රනිල් කියලා

https://www.gossiplankanews.com/2018/11/RANIL-MAITHRI.html#more
මන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛත්‍රීපාල
සිරිසේන මහතා

සමග ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
“මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෞද්ගලික අගතීන් වෙනුවෙන් ප්‍රතිපාදන සපයන්නේ නැහැ.”
එසේම පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිය යුතු බවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහත ප්‍රකාශ කර ඇත.
“ ඔවුන් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් පෙනෙන්නේ ඔවුන්ට අංක නැත බවයි. ප්‍රමාද කිරීම ගැන මම කනගාටුවෙනවා මොකද මේ හරහා රට අස්ථාවර වෙනවා. ” යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් තිබේ.

Previous Post Next Post