මාළු ටැංකියට මසුන් අල්ලන්න ගිය සිසුවා වැවේ ගිලී මියයයි



මාළු ටැංකියට මසුන් ඇල්ලීම සඳහා ගලෙන්බිඳුණුවැව මුරියාකල්ල වැවට ගිය 15 හැවිරිදි දරුවකු පෙරේදා (6) පස්වරුවේදී දියේ ගීලී මිය ගොස් ඇතැයි ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි.

මෙසේ මිය

ගොස් ඇත්තේ ගලෙන්බිදුණුවැව, යකල්ල. මුරියාකඩවල පදිංචිව සිටි බුද්ධික පුෂ්පකුමාර (15) නමැති දරුවෙකි. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවෙකි.
මියගිය සිසුවා මසුන් ඇල්ලීමට පසුගිය හයවැනි දින සවස 3.00 ට පමණ මුරියා කල්ල වැවට ගොස් ඇති අතර ඔහු නිවසට නොපැමිණිම හේතුවෙන් සිදු කළ සෝදිසියේ දී වැවේ ගිලී තිබූ මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම සිසුවාගේ පිය කළකට පෙර පොල් ගසකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ මව විදෙස් ගතව සිටී.
ඔහුගේ දේහය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානාධිපති සුජීව කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණය පවත්වති.

(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
Previous Post Next Post