වයස අවුරුදු 13 යි මාස 10 ක් වූ බාලවයස්‌කාර දැරියක් අපහරණය කර දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙක් මාදම්පේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැරිය මාදම්පේ තඹගල්ල වත්ත ප්‍රදේශයේය. 9 වසර ඉගෙනුම ලබයි. පසුගිය දිනක දැරිය නිවසින් අතුරුදන්වී ඇති බවට දැරියගේ මව මාදම්පේ පොලිසියට පැමිණිල්ලක් කර දැරිය ගැන සොයා බලා ඇත. එම සොයා
බැලීමේදී දැරිය
මාදම්පේ ඉස්‌සන්මැඩිල්ල ප්‍රදේශයේ අයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බව දැනගෙන තිබේ. දැරියගේ දුරකථනයට මාසයකට පමණ පෙර ලැබුණු ඇමතුමකට කතා කිරීමෙන් ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත. සැකකරු සමග දැරිය කතා කරගත් පරිදි දෙමාපියන්ට නින්ද යෑමෙන් පසු නිවසේ තිබෙන යතුරුපැදියෙන් ගොස් සැකකරු හමුවී ඔහු සමග සැකකරුගේ නිවසට අලුයම 2.00 ට පමණ පැමිණ තිබේ.
පසු දින සැකකරුගේ නිවසේ දිවා කාලය ගත කර තිබෙන අතර එදින රාත්‍රියේ ඔහු ඇයව තොඩුවාව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් එම ප්‍රදේශයේ මාළු වෙළෙඳපොළේ රාත්‍රිය ගත කර ඇත. එහිදීද ඔහු ඇය දූෂණයට ලක්‌කර තිබේ.
පසුව අලුයම තොඩුවාව සිට සැකකරු දැරිය සමග ඔහුගේ නිවසට පැමිණෙමින් සිටියදී දැරියගේ දෙමාපියන් ඔවුන් අල්ලාගෙන මාදම්පේ පොලිසිය වෙත ගෙනැවිත් භාරදී ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන වින්දිත දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ.

Tags:
Trending