පාර්ලිමේන්තුව 7 වනදා - ජේ.වී.පී මන්ත්‍රී 6 ක සහයත් රනිල්ට

https://www.gossiplankanews.com/2018/11/jvp-supports-ranil.html
මේ වනවිට උද්ගතව තිබෙන දේශපාලන අර්බුදය තුළ අලුත් ප්‍රවණතාවක් මතු කරමින් එළැඹෙන ඡන්ද විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ  සහය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන  බව
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02)  පවසා තිබේ.
 කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන  පක්ෂ නායක රැස්වීමකදී මීට සුළු වේලාවකට පෙර  විජිත හේරත් මහතා  මේ බව සඳහන් කර තිබේ.ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ තීරණය හෙළාදකිමින් එය අභියෝගයට ලක්කිරීම තම අරමුණ බව ඒ සමග ඔහු පවසා තිබේ.
විපක්ෂනායක සම්බන්ධක් ඇතුළු මන්ත්‍රීවරු රැසක් අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට එක්ව ිතබෙන අතර මේ වනවිට ලැබෙන තොරතුරු අනුව ටීඑන්ඒ සහායද රනිල්ට හිමිවන තත්වයක් උද්ගතව ඇත.  පාර්ලිමේන්තුවේ මෙතෙක් ස්වාධීන වෙතැයි අපේක්ෂා කළ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්‍රමසිංහට ලැබෙන වාතාවරණය තුළ රනිල් වික්‍රමසිංහට නිතැතින්ම බහුතරය හිමිවීමේ ලක්ෂණ පහළවී තිබේ.
මේ අතර පාර්ලිමේන්තුව යලි රැස් කරන දිනය 13 නොව 7 විය හැකි බවත් එම ද්ිනයට ජනපති තමා හා එකඟ වූ බවත් කතානායක කරු ජයසූරිය මෙම රැස්වීමේදී ප්‍රකාශ කළේය.

Previous Post Next Post