අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල 5 කින් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති
මාධ්‍ය. හමුවකදි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරිමට නියමිත බව ඔහු සඳහන් කළේය.
ඉන්ධන වර්ගය මිල අඩුකිරීම පැවැති මිල නව මිල
පෙට්‍රල් ඔක්ටේන් 92 රු 5 රු 140 රු 135
පෙට්‍රල් ඔක්ටේන් 95 රු 5 රු 164 රු 159
ඔටෝ ඩීසල් රු 5 රු 111 රු 106
සුපිරි ඩීසල් රු 5 රු 141 රු 136
Previous Post Next Post