ජනබලයට බෙදූ කිරි පැකට්වල කිසිදු විසක් නැති බවට රස පරීක්ෂක වාර්තාව සහතික වේ


ඒකාබද්ධ විපක්ෂය පසුගියදා කොළඹදී පැවැත්වු විරෝධතාවය
අතුරතුර බෙදා හැර ඇතැයි කියන කිරිපැකට් තුල කිසිදු විෂක් හෝ වෙනත් ද්‍රව්‍යක් අඩංගු නොවන බව ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව මගින් හෙළිව ඇත.
පසුගියදා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ එම විරෝධතාව  පොලිස් බාධක වලට එරෙහිව හෝ රටේ නායකයින්ට එරෙහිව හෝ දැනෙන

දෙයක් කරන්නට බැරිවූ නිසා එම ලජ්ජාව වසාගැනීමට  විරෝධතාව වෙනත් මගකට යොමු කිරිමට ඔවුන් ගත් උත්සහයක් ලෙස මෙය හැඳින්විය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
බදුල්ලේදී මාධ්‍යට අදහස් දක්වමින් නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ කොටුව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකදී මේ පිළිබද දැන් කරුණු හෙලිවී ඇති වන අතර එය අවාසි සහගත නිසා ඒ වෙනුවෙන් කෑමොර දුන් මාධ්‍ය පවා නිහඩ පිළිවෙතක දැන් සිටින බ‍වය.
Previous Post Next Post