මාලිංගට විස්සයි 20ත් අහිමි වෙයි

සත්කාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර පැවත්වීමට නියමිත විස්සයි20 තරගය සඳහා ඉදිරිපත් කළ සංචිතයෙන් ලසිත් මාලිංගට අවස්ථාව අහිමිව තිබේ.

මාලිංග 2017 වසරේ සැප්තැම්බර් මාසයෙන් අනතුරුව ජාත්‍යන්තර තරඟ සඳහා කැඳවා නොමැත.
මේ අතර දකුණු අප්‍රිකාව සමග විස්සයි20 තරගයට වසර 03කට පසුව බිනුර ප්‍රනාන්දු කැඳවා තිබේ. මෙම
සංචිතයට කැඳවා

ඇති සමහර ක්‍රීඩකයන් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියටද නම් කර ඇති අතර, ඔවුන්ගෙන් සමහර ක්‍රීඩකයන් විස්සයි20 තරගයේ අවසන් 11 දෙනාට තෝරා නොගන්නා බවත් ඔවුන්ව නැගී එන කණ්ඩායම තබාගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි20 තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම මස 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, ශෙහාන් ජයසූරිය,ෂෙහාන් මධුශංක, ළහිරු කුමාර, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන්, බිනුර ප්‍රනාන්දු අතිරේක - දිමුත් කරුණාරත්න,ඉසුරු උදාන,නිරෝෂන් දික්වැල්ල,කසුන් රාජිත
Previous Post Next Post