Facebook මගින් රුධිරය ඉල්ලන අය සැකයි - ලේ බැංකුවෙන් අනතුරු ඇඟවීම්


Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් කරන ලේ ලබාදෙන ලෙස ඉල්ලීම් ගැටලුකාරී බව ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය පවසයි.


දුර්ලභ ගනයේ ලේ වර්ග ද හිඟයකින් තොරව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින බවත් ඇතැමුන් මේ ඔස්සේ ජාවාරම් වල නිරතවන බැවින් ඒවා හසු නොවන ලෙසත්
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා තිබේ.
රුධිර දායකයින්ගේ පෞද්ගලික තොරතුරු අනාවරණය කරගැනීමටද මෙවැනි ජාවාරම්කරුවන් කටයුතු කරන බව දන්වා තිබේ.
පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යවල පළවූ එවැනි ඉල්ලීම් ආශ්‍රිත සිද්ධි කිහිපයක් නිසා කාර්ය භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනාල් රූපසිංහ මෙම නිවේදනය දන්වා ඇත.
Previous Post Next Post