යුරෝප අති ශූරයන්ද අභිබවමින් ලංකාවේ ලූෂන් බොඩි බිල්ඩර් වෙයි



ඔස්ට්‍රියාවේ පැවැති යුරෝපීය කායවර්ධන තරගයේ දී රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන්  පුෂ්පරාජ් සමත් විය. මෙතෙක් කලක් යුරෝපීය ශුරයා වූ  ආර්මීන් ද අභිබවා මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට ඔහු සමත් විය.


''ආසියාවේ කළු සිංහයා'' අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ලූෂන් ලැබූ මෙම ජයග්‍රහණය වඩාත් සුවිශිෂී වන්නේ ශ්‍රී ලාංකික කායවර්ධන ශුරයකු යුරෝපීය තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය වීමයි. මෙතෙක් කලක් යුරෝපීය තරගාවලි සඳහා ඉදිරිපත්වීමට හෝ මෙරට ක්‍රීඩකයන්ට නොහැකි විය.

ලූෂන්ගේ ජයග්‍රහණයට සුබ 

පැතීමට පැමිණි පිරිස අතර ඔස්ටියානු ශ්‍රී ලංකා තානාපතිනි හිටපු පාර්ලිමේන්තු මහලේඛම් ප්‍රියානි විජේසේකර මහත්මිය සහ තානාපති කාර්යාල නිලධාරී නාමල් වීජේමුණි සොයිසා මහතාදවිය.

Previous Post Next Post