ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන - බැසිල්ගේ මල්වානේ නඩුවට සාක්ෂි දෙයි

දොම්පේ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් රුපියල් මිලියන 203ක්
අවභාවිත කිරීමේ

චෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කළ නඩුව අද යළි විභාගයට ගැනුණි.

අද දිනයේ ජෝතීර්වේදී සුමනදාස අබේගුණවරධන මහතාගෙන් මෙම නඩුවට අදාලව සාක්ෂි සටහන කරගැනීම සිදුවිය.

වැඩිදුර විභාගය සඳහා ගම්පහ මහාධිකරණ අංක 02 විනිසුරු නිමල් රණවීර මහතා විසින් නඩුව ජුනි 22 දක්වා කල් තබන ලදි.

Previous Post Next Post