මං ටීවී එකේ දූගෙ වෙඩිම ජොලියෙන් බැලුවා - මෙගන්ගෙ පියා කියලා


ඊයේ ලෝකයේම අවධානය දිනාගනිමින් බ්‍රිතාන්‍යෙය් පැවති රාජකීය මංගල්‍යයට මනාලිය වූ මෙගන් මාකල්ගේ පියා පැමිණියේ නැත. ඔහු ඇමරිකාවේ හෘද සැත්කමකට මුහුණ දෙන බවට හේතු දක්වා බොරු  ලෙඩ නිවාඩු ගෙන තිබුණද සත්‍ය ලෙසම රැජිණගේ අහංකාරයට ඇති අප්‍රිය බව නිසා ඔහු විවාහය සඳහා
සම්බන්ධ නොවූ බව වාර්තා විය.

මෙම හේතුව නිසා මංගල උත්සවයේ චාරිත්‍ර අනුව පියා විසින් දියණිය කැටුව භාර දීමේ අවස්ථාව ඔහුට මග හැරුණ අතර එය සිදු කළේ මනමාලයාගේ පියා වන චාල්ස්මය.
ඇමරිකාවේ වේලාවෙන් උදේ 4 ට පමණ සිද්ධවූ මංගල්‍යය තමා ඉතා සංවේදී ලෙසත් විනෝද ජනක ලෙසත්  රූපවාහිනියෙන් නැරඹූ බව මෙගන්ගේ පියා තෝමස් මාර්කල් ජාත්‍යන්තර පුවත් සේවා සඳහා පවසා තිබුණි. තමා එයට සහභාගී නොවුණත් නව යුවළට ආශිර්වාද කරන බවද ඔහු පවසා ඇත.
කෙසේ වෙතත් මෙම මංගල උළෙලට මෙගන්ගේ මව පැමිණ අවශ්‍ය යුතුකම් ඉටු කර තිබුණි.
Previous Post Next Post