ගාල්ලේදී පකිස්තානයෙන් වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක්


බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි
පකිස්ථානු රජය විසින්

ලබාදුන් තක්ෂිලා නුවරින් වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය මේ මස 5 වන දින පෙ. ව. 8.00 සිට 6 වන දින පෙ. ව. 6.00 දක්වා ගාල්ල, බටගන්විල, තලාහේන ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වෙන බවදන්වා තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සහ සංවිධානයෙන් මෙය සිදු කෙරේ.
Previous Post Next Post