ලෙස්ටර්ගේ නිධානයේ ගාමිණී පිහියෙන් අනිනු බලා සිටි - මාලනී රූපවාහිනී මැදිරියේදී හඩයි


දිවංගත කලා ශිල්පී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගුණ සැමරීම වෙනුවෙන් අද දිනයේ දහවල් කාලයේ බොහෝ රූපවාහිනී නාලිකාවල සජීවී වැඩසටහන් ඉදිරිපත් කරන ලද අතර ජාතික රූපවාහිනියට පැමිණි කලා ශිල්පිණියක වූයේ ලෙස්ටර්ගේ චිත්‍රපට ගණනාවක රඟපෑ නිළි රැජිණ මාලනී ෆොන්සේකාය.
එම කථාබහ අතරතුර
ලෙස්ටර්ගේ

සුවිශේෂ චිත්‍රපටයක්වූ ‘නිධානය‘ ජවනිකාවක් රූපවාහිනීයේ පෙන්වූයේ මාලනී ෆොන්සේකාගේ කතාව මදකට නතර කරමිනි.
එම ජවනිකාවේදී සිනමා නළු ගාමිණී නිධානයක් ලබාගන්නට සිනමා නිළි මාලනීව ලිහියකින් ඇණ ඝාතනය කරන්නට උත්සාහ කළ අයුරු විකාශය වූ අතර එය බලා සිටි මාලනීට රූපවාහිනි මැදිරිය තුළදී කඳුළු පැමිණෙනු දැකිය හැකි විය.
එම සංවේදී ජවනිකාව ඇතුළත් වීඩියොව පහතින්
Previous Post Next Post