සතියක් තිස්සේ අතුරුදන් චීනා මාතර කැලයක මඩ වළක වැටී සිට හමුවේ‍


මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ   සේවයට පැමිණි චීන ජාතිකයෙකු පසුගිය සතියක පමණ කාලයක් තිස්සේ අතුරුදන් බවට ආරංචි ලැබී තිබු අතරඔහු සොයා පරීක්ෂණද පැවැත්විණි. මේ අතර මාතර

දන්දෙණිය රක්ෂිතය තුළදී අතුරුදන් වු 33 හැවිරිදි චීන ජාතික තරුණයා වළක වැටී සිටියදී හමුවූයේ දින හතකට පසුය.
 තිහගොඩ පොලීසිය පවසන පරිදි හෙක්ටයාර් 417 ක විශාලත්වයකින් යුත් රක්ෂිතය තුළ කිසිවෙකු සිටී නම් සෙවීම පහසු නැත. එම රක්ෂිතය මායිමේ ඉඩමක් සුද්ධ

කිරීමට පියෙකු සමඟ ගිය දරුවන් දෙදෙනෙකුට කැලෑව දෙසින් කිසිවකු කෙදිරි ගාන හඩ ඇසී ඔවුන් ඒ දෙසට ගොස් පරික්ෂා කර බලද්දී චීන ජාතිකයා මඩ වළේ එරී සිටින අයුරු  දැක තිබේ.
අසාධ්‍ය තත්වයෙන් ෙවැටී සිටි චීන ජාතිකයා දැක ඔහුට බොන්නට වතුර ගෙනවිත් දී ඒ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමට ඔවුන් කටයුතු කර ඇත. පොලීසිය එම ස්ථානයට ගොස් චීන ජාතිකයා ගොඩට ගෙන කරමතින් කැලෑවෙන් පිටතට රැගෙනවිත් ගිලන් රථයක නංවා මාතර මහ රෝහලට ඇතුළු කර තිබේ. ඔහු එතැනට ළඟාවූ ආකාරය ගැන පසුව පරීක්ෂණ සිදු කරන බව පොලිසිය දන්වා තිබේ.
Previous Post Next Post