කොංගෝවේ ජනපති වෙන්න ලෑස්තිවූ හිටපු හමුදාපතිට වසර 20 ක සිර දඩුවම්


අප්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝ හි හිටපු හමුදා ප්‍රධානී හා ජනපති ධූර අපේක්ෂකයෙකුවූ ජීන් මාරි මොකෝ හට විසි අවුරුදු සිර දඩුවමක් පනවන්නට එරට අධිකරණය 11 සිකුරාදා තීන්දු කරන ලදි.
2016 මාර්තු මස

පැවති ජනපතිවරණයේදී විරුද්ධ පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස තරග වැදුණ ඔහුව පරාජය කළ වත්මන් ජනපති ඩෙනිස් සන්සු නුගසෝ එම ජනපතිවරණ ප්‍රතිඵලය ලැබී මාස 3 ක් යන්නට මත්තෙන් ජුනි මස හිටපු හමුදා ප්‍රධානියාව සිරගත කළ අතර වසර වසර දෙකකට ආසන්න කාලයක් සිර අඩස්සියේ තබා ඔහුට එරෙහිව ආරක්ෂාව හා ආයුධ පරිහරණ සම්බන්ධ නඩුවක් විමර්ශනයට යොමු කර මේ තීන්දුව ලබා දෙන ලදි.
Previous Post Next Post