117 ට පාරේ ගිය නීතීඥ සුගන්ධිකා අධිකරණයේ වරදකරුවේ


ධික වේගයෙන් රිය පැදවීයැයි වරද පිළිගත් නීතීවේදී සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට අවවාද කර මුදා හැරීමට කොළඹ රථ වාහන අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.



අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 117ක වේගයෙන් රිය පැදවීයැයි කියමින් පෑලියගොඩ පොලිසිය ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබිනි.

නීතීවේදීයකුගේ සහායක් නැතිව විත්තිකූඩුවට නැගී නීතීඥ සුගන්ධිකා මහත්මිය වරද පිළිගත්තාය. ඇගේ නීති වෘත්තිය ගැන සලකා බලන බව කී මහේස්ත්‍රාත්වරයා ඇයට අවවාද කර මුදා හැරීමට නියෝග කළේය.

පසුගිය මාසයේ ඇය සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූයේ අධිකරණ ක්ෂෙත්‍රයේ දූෂණ හා අඩුපාඩු ගැන ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමක් නිසාය.

Previous Post Next Post