තලවතුගොඩ කීල්ස් අසළ කිඹුලා ඇලට වැටී තිබූ BMW රථය කාගෙද?


තලවතුගොඩ කීල්ස් අසළ 
කිඹුලා ඇලට වැටී තිබූ BMW රථය කාගෙද?

අද (17) පාන්දර 6.15ට පමණ තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී තිබූ BMW වර්ගයේ මෝටර් රථය ලියාපදිංචි අංක තහඩු තවම නැති අලුත්ම එකක් වූ අතර එය
එජාප දේශපාලඥයකුට

ඥාති සම්බන්ධයක් ඇති මුස්ලිම් ව්‍යාපාරිකුට අයත්වූවක් බව වාර්තා වේ.
ඇක්සියෝ හා කොරොල්ලා වර්ගයේ මෝටර් රථ දෙකක ගැටීමෙන් පසුව පාලනය කරගන්නට බැරිව එය ඇලට වැටී ඇත.
එසේ හානියට පත් මෝටර් රථවලට වන්දි ගෙවීමට ද එම ව්‍යාපාරිකයා පොරොන්දුවී තිබේ.
ෆේස්බුක් ජාලය තුළ එය ජනපති පුත්‍රයාට අයත් මෝටර් රථයක් බවට  සත්‍ය නොවන ප්‍රචාරයක්ද පැතිරීණි.


Previous Post Next Post