අවසන් යුද සටන් පැවති මුලතිව්, මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්රදේශයේ එල්.ටීටී.ඊ. සංවිධානය විසින් රත්රන් හා යුද අවි තොගයක් වළදැමූ බවට සැක සහිත ස්ථානයක ඊයේ (22) - කළ කැණීමවල දී ජලය මතුවීම හේතුවෙන් කැණිමවලට බාධා එල්ල වී ඇත.
මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිසියට හා යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් මහෙස්ත්රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (22) දෙවන දිනටත් කැණීම් ආරම්භ කළේ පසුගිය 21 වැනිදා සිදු කරන ලද කැනීම්වලින් කිසිවක් හමු නොවීම හේතුවෙනි.
උදෑසන
පසුගිය දින කිහිපයේ දී ද මුලතිව්. මුල්ලි වයික්කාල්හි රත්රන් හා යුද අවි වළදමා ඇති බවට ලැබුණු නොරතුරුවලට අනුව සිදු කරන ලද කැණීම්වලින් කිසිවක් හමු නොවුණු අතර මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
Tags:
Trending